දින 07ක් තුළ රිය අනතුරු මරණ 51ක්..

Accident

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ අවසන් වූ ජූලි මාසයේ අවසාන දින 07 තුළදී පමණක් මෙරට රිය අනතුරුවලින් පුද්ගලයින් 51 දෙනෙක් මරණයට පත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසන්නේ ජූලි 24 දා සිට 30 දක්වා රට තුළ රිය අනතුරු 385ක් සිදුවී ඇති බවත් ඉන් පුද්ගලයින් 51 දෙනෙක් මිය ගොස් ඇති බවත්ය.

එසේම පුද්ගලයින් 260 දෙනෙක් තුවාල ලබා ඇතැයි ද පොලිසිය පවසයි. එම පිරිසෙන් 108 දෙනෙකු බරපතල තත්වයෙන් ද 152ක් සුළු තුවාල ලබා ප්‍රතිකාර ලබන මට්ටමින් ද සිටින බව පොලිසිය පවසයි.

මෙසේ වාර්තා වූ අනතුරු වැඩි සංඛ්‍යාවක් සෙනසුරාදා ඉරිදා සහ බදාදා දිනවල දී සිදුවූ බව පවසන පොලිසිය සවස 4ත් රාත්‍රී 8ත් අතර කාලය තුළ අනතුරු බහුලව සදුවූ කාලයන් බවට අනාවරණය වී ඇති බවද පැවසේ

මෙම වැඩිම රිය අනතුරු ප්‍රමාණයක් බස්නාහිර, දකුණ, වයඹ, පළාත් ආශ්‍රිතව වාර්තා වී ඇති බව ද පොලිසිය පවසයි.

එසේම මෙලෙස අනතුරුට ලක් වී ඇති පිරිස අතරින් වැඩිම පිරිස යතුරුපැදි සහ ත්‍රී රෝද රථ බව පවසන පොලිසිය නොසැලකිලිමත් ලෙස රිය ධාවනය මේ අවාසනාවන්ත තත්වයට මූලික හේතුව බව පෙන්වා දුන්නේය.

Exit mobile version