කොළඹ ගෞරවණීය ව්‍යාපාරකයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුර මේ වනවිට මල් පාරේ ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.
මේ වනවිට එම අපරාධය පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) පුද්ගලයින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසයි.
පවුලේ සාමාජිකයින්, රෝහල්ගත කිරීමට සහය වූ පුද්ගලයින් ඒ අතර වෙති.
එම ප්‍රකාශ 23න් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසය මගින් ප්‍රකාශ 16ක් සටහන් කර ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන හා මිනීමරුම් විමර්ශන කොට්ඨාසය , කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුලු කණ්ඩායම් හතරක මෙහෙයවීමෙන් ඝාතනය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසුවේ දිනේෂ් ෂාෆ්ටර් ගමන් ගත් මාර්ගය ආසන්නයේ CCTV කැමරා 20ක් පමණ ඔහුගේ ගමන නිරීක්ෂණය වී ඇති බවය.
සීසීටීවී කැමරා දර්ශන නිරීක්ෂණය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
අධිකරණ නියෝගයකින් ලබා ගත් බලය සහිතව දුරකථන සේවා සපයන්නන්ගේ සහය ඇතිව ෂාෆ්ටර්ගේ දුරකථන තොරතුරු සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් සිදුකරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කලේය.
දිනේෂ් ෂාෆ්ටර් කවුද?
දිනේෂ් ෂාෆ්ටර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු යවන්නෙකු හා පසුව ක්‍රිකට් පරිපාලකයෙකු වූ චන්ද්‍රා ශාෆ්ටර්ගේ පුත්‍රයෙකි.
ඝාතනයට ලක්වන විට ඔහුගේ වයස අවුරුදු 51 කි. ඔහු කොළඹ 7 මල්පාරේ පදිංචිව සිටියේය.
දිනේෂ් ෂාෆ්ටර් දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
නීති උපාධිධාරියෙකු වන දිනේෂ් ශාෆ්ටර් බ්‍රිතාන්‍යයේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතන සාමාජිකයෙකු වෙයි.
ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකු වන ඔහු ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්යක්ෂ සහ ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කළමනාකාර අධ්යක්ෂ ලෙස කටයුතු කළේය.
ඔහුගේ මරණය ශාෆ්ටර් පවුලේ සියලු දෙනාම දැඩි තිගැස්මකට පත් කර ඇත. ඔහුගේ සොයුරු ප්‍රකාශ් ශාෆ්ටර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ තම පවුලේ සිටි විශිෂ්ටම මිනිසා නික්ම ගිය බවය.