දිනකට ලක්ෂයක් වැටෙන දෙවියන්ගේ පින්කැටේ බේරාගන්න  උද්ඝෝෂණය කළ අඹන්පොල ගම්මු …

කුරුණෑගල අනුරාධපුර 57 මාර්ගයේ ගල්ගමුව මී  ඔය  පාලම අසල ඇති ප්‍රසිද්ධ දේවාල භූමියේ පුද්ගලයෙක් මාරාන්තික උපවාසයක යෙදී සිටියේ මීට දින කිහිපයකට පෙර සිටය.ඒ දේවාලයේ පෞරාණික ගණදෙවි පිළිමය අතුරුදහන් වී මහා දේවාලයේ  පින්කැටය අවභාවිතා වීම යන කාරණාවලට විරෝධතාව පළ කරමිනි.

මේ මාරාන්තික උපවාසය පිළිබඳ වගකිව යුත්තන් නිහඬව සිටින බැවින් ඊයේ  උදෑසන අඹන්පොල කළුවිලපොතාන ගමේ වැසියෝ විනාඩි විස්සක් පමණ කුරුණෑගල අනුරාධපුර මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය යෙදුනහ.

විරෝධතා කරුවන් කියා සිටියේ දේවාලයේ අයිතිය තිබෙන්නේ අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වුවත්  ගල්ගමුව නගරයේ පදිංචි විල්බට් පෙරේරා නැමැති ව්‍යාපාරිකයා විසින් පෞද්ගලිකව දේවාලයේ සම්පත් පරිහරණය කරන බවය.


විරෝධතා කරුවන් තව දුරටත් කියා සිටියේ පින්කැටයේ මුදල් කලුවිලපතාන ශ්‍රී ගෞතම බුද්ධ විහාරයට ලබා දිය යුතු බවය. එය පන්සලේ දියුණුව ට යෙදිය යුතු බවයි. දිනකට පිංකැටයට රුපියල් ලක්ෂයකට අධික මුදලක් එකතුවන බවද ඔවුහු පැවසූහ.

විරෝධතාවය සිදු කෙරෙන ස්ථානයට අඹන්පොල ප්‍රාදේශීය ලේකම්වරිය  පැමිණීමෙන් පසු ඇය කියා සිටියේ  දේවාලයේ පින්කැට දෙකක් තිබෙන බවත්, ඉන් එකක් වාරි මාර්ගයටත්, අනෙක මහා මාර්ගයටත් අයිති ඒවා බවත් එම ආයතනවල වගකිවයුත්තන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව දින 14ක් ඇතුළත විසඳුම් ලබා දිය හැකි බවත්‍ ය.

ඇය ගේ පිළිතුරෙන් සෑහිමට පත් නොවූ විරෝධතාකරුවන් හූ කියමින් කෑ ගසමින් නැවතත් උද්ඝෝෂණයේ නිරතවන්නට විය.

අඹන්පොල පොලිස් ස්ථානාධිපතිවරයාගේ  පැහැදිලි කර දීමෙන් අනතුරුව දින 14න් විසඳුම් ලබා ගැනීමේ පොරොන්දුව මත විරෝධතා කරුවෝ විසිර ගියහ.

විසිරී යන්නට පෙර රැස් වී සිටි පිරිස පින්කැටයට ඉබි යතුරු දැමූහ.  විසඳුමක් ලැබෙන තුරු එම ඉබි යතුරු ඉවත් නොකරන බවද විරෝධතාකරුවෝ කීහ.

කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේවාලයේ පෞරාණික ගණදෙවි ප්‍රතිමාව අතුරුදහන් කරලා… පුද්ගලයෙක් දේවාලය ඉදිරිපිට උපවාසයක..

Exit mobile version