දිනකට පී.සී.ආර්. 180ක් කළ හැකි යන්ත්‍ර දෙකක් පේරාදෙණියෙ සූදානම්… ඒත් ඉල්ලීමක් නෑ…..

පේරාදෙණිය සරසවියේ උපකුලපති මහාචාර්ය උපුල් බණ්ඩාර දිසානායක කියයි..

දිනකට පී.සී.ආර් පරීක්ෂණ 180ක් කළ හැකි පී.සී.ආර් යන්ත්‍ර දෙකක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හා පශු වෛද්‍ය පීඨය සතුව ඇති බවත් ඕනෑම මොහොතක එම යන්ත්‍ර පරක්ෂණ කටයුතු සඳහා සූදානමින් ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බණ්ඩාර දිසානායක පැවසීය.

එහෙත් ඒ සඳහා මෙතෙක් කිසිම ඉල්ලීමක් කර නැති බව ඔහු සඳහන් කළේය.

දැනට නුවර අවට පී,සී.ආර් පරීක්ෂණ 22000කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇතැයි පවසන සෞඛ්‍ය අංශ ඒ සඳහා දිවා රාත්‍රී නොමැතිව සේවකයන් වැඩෙහි යෙදන බව කියයි. මහනුවර රෝහලේ ධාරිතාව දිනකට පී.සී.ආර් 180ක් වුවද දිවා රාත්‍රී වැඩමුර සහිතව එම ධාරිතාව 580 තෙක් වැඩි කර ඇතැයි මහනුවර රොහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පෙන්වා දෙයි. එහෙත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතුව ඇති පී.සී.ආර් යන්ත්‍ර භාවිතයට ගැනීම සදහා කිසිවෙකු සැලසුම් කර නැති බව විශ්විද්‍යාල ආරංචි මාර්ග තහවුරු කරයි.


කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ මගින් දෛනිකව සිදුකරන කොවිඩ්-19 පරීක්ෂණ (පී.සී.ආර්.-PCR) සංඛ්‍යාව තවත් දහසකින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබුනේත්,  ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල සතුව ඇති සියලුම පී.සී.ආර්. යන්ත්‍ර භාවිත කරමින් මෙම පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමට වහාම පියවර ගනු ඇති බව කියැවුනේත් පසුගිය අප්‍රේල් මාසයේ ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී පේරාදෙණිය සරසවියේ ඇති පී.සී.ආර් යන්ත්‍ර සම්බන්ධව ද සඳහන් විය.

Exit mobile version