දික්වැල්ල බෝදරකන්ද වඩු මඩුවකින් නීති විරෝධී අවි හමුවේ…

මාතර සම්පත් –

දික්වැල්ල පොලිස්  වසමේ දික්වැල්ල බෝදර කන්ද ප්‍රදේශයේ  නිවසක් තුළ නීති විරෝධිව ගබඩා කරගෙන තිබූ ගිනි අවි හා ආයුධ තොගයක් අත්අඩංගුවට ගැනීමට දික්වැල්ල පොලිසිය සමත් විය .
බෝදරකන්ද ප්‍රදේශයේ වඩු මඩුවක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම නීති විරෝධී ගබඩා කර තිබූ බව දික්වැල්ල  පොලිසිය කියයි . ඒ අනුව මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක්  බෝර 12 තුවක්කුවක් කඩු දෙකක් රම්බෝ පිහියක්  ජීව පතුරම් විශාල ප්‍රමාණයක් ටී 56 ගිනි අවි වලට භාවිත කරන පතුරම් විශාල ප්‍රමාණයක් මෙම වඩු මඩුවෙ තිබී සොයාගෙන ඇත..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකපිට එම  වඩු මඩුවේ හිමිකරු සහ  19 වියේ තරුණයන් දෙදෙනෙකු දික්වැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි   චන්දන හේරත්   යටතේ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි .

Exit mobile version