දික්කසාද වූ බිරිය වෙනත් විවාහයකට යන්නට සැරසීමෙන් උරණ වූ හිටපු සැමියා ඇයව පැහැරගෙන ගොස් ඇසිඩ් පොවලා… 

Acid

සූරියවැව නුවන් ජයසේකර –

නීත්‍යානුකූලව විවාහයෙන් වෙන්වී සිටි බිරිය වෙන අයෙකු විවාහ කරගැනීමට යාම බලා සිටීමට නොහැකිව ඇය පැහැරගෙන ගොස් ඇසිඩ් පොවා ඝාතනය කිරිමට තැත්කල සැමියෙකුට වසර 10කට අත්හිටවු සිරදඩුවමක්, රුපියල් 15000ක දඩයක් හා රුපියල් ලක්ෂ 12ක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණය අද (24) නියෝග කෙරුණි.

මෙලෙස දඩ,වන්දි හා සිර දඩුවම් නියම වුයේ අම්බලන්තොට පදිංචි කරුවෙකු වන 42 හැවිරිදි එක්දරු පියෙකු වු එස්.පී.සමිත වසන්ත කුමාර නැමති අයෙකුටය.

චුදිත පුද්ගලයා 2015.09.01 දින විවාහයෙන් දික්කසාද වී සිටි ගුරුවරියක වු සිය බිරිය පා ගමනින්  උදෑසන පාසලට යමින් සිටි අවස්ථාවේ කාර් රථයකින් පැමිණ අම්බලන්තොට නොනගමදී  පැහැරගෙන ගොස් තිබේ.

බිරිය වෙනත් අයෙකු හා විවාව වීමට සූදානම් වීම හේතුවෙන් තමන්ට එය බලාගෙන ඉන්න බැරිබව කියා චුදිත ඇසිඩ් බෝතලයක් එළියට ගෙන දික්කසාද වි සිටි බිරියට බලහත්කාරයෙන් පොවා තිබේ.


එහිදී දෙදෙනා අතර ඇති වු දැගලීමේදි චුදිතගේ  සිරුර මතටද ඇසිඩ් වැටී තුවාල වී තිබේ. සිරුරට ඇසිඩ් වැටීමෙන් අසාධ්‍යව ඇඹිළිපිටිය ප්‍රදේශයේ මාර්ගය අසල රැදී සිටියදී මාර්ගයේ ගමන් කරමින් සිටි ත්‍රි රෝද රථයක පිරිසක් විසින් චුදිත හා බිරිය ඇඹිළිපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇත.

චුදිත හා බිරිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු රෝහල් පොලිසිය මගින් අම්බලන්තොට පොලීසියට සිදුකළ දැනුම් දිම මත සිදුකල විමර්ශනවලට අනුව දික්කසාද වි සිටි සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපති වරයා විසින් චුදිතට එරෙහිව අධි චෝදනා දෙකක් යටතේ හම්බන්තොට මහාධිකණය හමුවේ නඩු පවරන ලදි.

ඒ අනුව නඩු විභාගය ආරම්භයේදිම අධිකරණයේ කාලය මිඩංගු නොකර අදාල චෝදනා සදහා චුදත වරද පිළිගැනීම හේතුවෙන් මහාධිකරණ විනිසුරු වරයා චුදිතට දඩුවම් නියම කෙරුණි.

ඒ අනුව චෝදනා දෙක සදහා චුදිතට වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කළ අතර එය වසර 10ක කාලයක් සඳහා අත්හිටවන ලදි.

ඊට අමතරව චෝදනා දෙක සදහා රුපියල් 15000ක දඩ මුදලක්ද නියම කළ අතර චුදිත දඩ නොගෙවන්නේ නම් මාස 17ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම අගතියට පත් හටපු බිරියට රුපියල් ලක්ෂ 12ක වන්දි මුදලක්ද ගෙවන ලෙසට මහාධිකරණ විනිසුරු වරයා චුදිතට නියම කල අතර චුදිත එය නොගෙවන්නේ නම් ඉහත දඩුවම්වලට අමතරව වසර 05ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.

Exit mobile version