දෑස් අන්ධ ඒක දන්ත හස්ථිරාජයා මරණීය අනතුරක…

ඒක දන්ත හස්ථිරාජයා...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගල්කිරියාගම අවට සැරිසරන ඇස් දෙකම අන්ධ වූ ඒකදන්ත ඇතා ගේ ජීවිතය මරණීය අනතුරක බව වාර්තා වේ.

දෑස් නොපෙනීම නිසා ලැබෙන සංවේදන අනුව හැසිරෙන මෙම ඇතා මිනිස්සුන්ගේ වෙඩි පහරට නිරන්තරව ගොදුරු වීම නිසා බරපතල තුවාල සහිතව හැසිරෙන බව පැවසේ.

මෙම හස්ථියා දැනට ජාතික නාමල් උයන ආශ්‍රිතව හැසිරෙන බවද ජාතික නාමල් උයන අධිපති වනවාසී රාහුල හිමියෝ පවසති.

බලධාරීන්ගේ අවධානය යොමු නොවන්නේ නම් මේ සත්වයා අකාලයේ මිය යෑමේ දැඩි අවදානමක් ඇති බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

Exit mobile version