දැලිවල කොටවෙහෙරේදී ලෝක උරුමයක් කොල්ල කෑ හොරු ගැන තොරතුරු නෑ… පොලිසිය ජනතා සහය පතයි!

රඹුක්කන, දැලිවල  කොටවෙහෙර   ධාතු මන්දිරය බිඳ ලෝක සම්භාවනාවට ලක් වූ පෞරාණික  කරඬු සොරකමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහය අපේක්ෂා කරයි.

මේ පිළිබඳ තොරතුරු වෙතොත්, රඹුක්කන පොලිස් ස්ථානයට හෝ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම්දෙන ලෙසයි පොලිස් මූලස්ථානය ඉල්ලීමක් කළේ.

මෙසේ සොරකම් කර තිබුණේ ලෝකයේ විශිෂ්ට ලෙසම ආරක්ෂා වී තිබුණු එකම පෞරාණාක දාගැබ් ආකෘතිය සේ සැලකෙන මිහිඳු හිමිගේ උපදෙස් මත දේවානම්පියතිස්ස රජුගේ ලෝ කුරුවන් විසින් කළ අතිශය දුර්ලභ කරඬුව ඇතුළු වසර දේවානම්පියතිස්ස රජුගේ වාස්තු ශිල්පීන් විසින් කළ පෞරාණික කරඬු අටකි.


ශ්‍රී ලංකා දාගැබ් ඉතිහාසයේ කිසිම යුගයක ප්‍රතිසංස්කරණය නොවූ දාගැබ ලෙසත් කිසිම පුරාවස්තු පහරන්නෙකුගේ අවධානයට ලක් නොවූ එකම දාගැබ ලෙසත්  කොටවෙහෙර දාගැබ සැලකේ. ඒ අනුව මේ ගර්භයේ දෙවනපෑතිස් රජු දවස පුරාවස්තු සහිත කරඬු නිධන් කළ පසු කිසිවෙක් එම ගර්භයේ කිසිම නිර්මිතයක් තැන්පත් කර නැත.

එසේ සොයාගත් මේ මහා විශ්වීය වටිනාකමක් සහිත පුරාවස්තු කිසිවක් මෙම ස්ථානයෙන් රැගෙන ගොස් ලෝකය වෙනුවෙන් ආරක්ෂා කර තබා ගැනීමට මේ විහාරස්ථාන වාසී සංඝ පරම්පරාවේ කිසිවෙක් එකඟවී නැත.

වත්මන් විහාරස්ථානවාසී හිමි නම මේ පුරාවස්තු රැගෙන ගොස් ජාතික ආරක්ෂාවක් සහිතව ලෝක ජනතාව වෙනුවෙන් රැකවරණය සලසන්නට ගිය කිසිම අවස්ථාවක ඊට එකඟ වී නැතිවා සේම පළාතේ දේශපාලකයන් සම්බන්ධ කරගෙන උද්ඝෝෂණ කිරීම සඳහා ද සැලසුම් කර ඇත.

මෙම පුරාවස්තු සඳහා නිසි ආරක්ෂාව සපයා දීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් මේ හාමුදුරවන් සතුව තිබී නොමැති බවත් මාස ගණනක් තිස්සේ අක්‍රීය වී තිබූ සීසීටීවී පද්ධතිය සකස් කරගැනීමට තරම් වගකීමක් උන්වහන්සේ සතුව නොතිබුණු බවත් හෙළිදරව් වී තිබේ.

මෙවැනි ජාතික වස්තු සම්භාරයක් ආරක්ෂා කරගැනීමේ වගකීමක් නැති පුරවිද්‍යා බලධාරීන් සම්බන්ධවත් මේ වනවිට  බරපතල විරෝධයක් අභ්‍යන්තරයෙන්ම මතුවෙමින් ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහත්වරුනි… මේ සොරකම් කළේ පොන්තනෝනාගේ කූරපයියේ තිබූ කිල්ලෝටය නොවේ…

Exit mobile version