දැරිය දූෂණ සිද්ධියට අත්අඩංගුවට ගත් මාලදිවයිනේ ඇමති ශ්‍රි ලංකාවේ දී ශිෂ්‍යයෙක්…

ඇමතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට යන අවස්ථාව..

15 හැවිරිදි බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් අතර සිටින මාලදිවයිනේ හිටපු මුදල් සහ භාණ්ඩාගාර පිළිබඳව රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් අෂ්මලී මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක උපාධි අපේක්ෂකයකු ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වෙයි.
ඔහු 2018 වසරේ සිට ශ්‍රි ලංකාවේ ජීවත්ව ඇති අතර මේ වනවිට ඔහු තම බිරිය ද සමඟ කොළඹ සුඛෝපභොගී මහල් නිවාසයක පදිංචිව සිටින බවද පොලිසිය විසින් අනාවරණය කරගනු ලැබ ඇත.

කලක් මාලදිවයිනේ බලවත් දේශපාලකයකු වූ 45 හැවිරිදි මොහොමඩ් අෂ්මලී මෙම දැරිය දූෂණය කිරීමේ සැකකාර දාමය තුළ සිටින බව අනාවරණය වී ඇත්තේ දැරියගේ ජංගම දුරකථනයේ ගබඩා කර තිබූ දුරකථන අංක ආධාරයෙනි.

Mohamad-Ashmalee
හිටපු රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් අශ්මලී…

ඒ පසුපස විමර්ශනය කළ පොලිසියට ඔවුන් හඳුනා ගැනීමට ලැබී ඇති අතර මෙම පුද්ගලයා මාලදිවයිනේ දේශපාලකයකු බවට කිසිදු අනාවරණය ක් සිදු කර නොමැති බව සඳහන් වේ. ඔහු අදාල පෞද්ගලික ආයතනයේ උපාධි අපෙක්ෂයකු බව සහ මාලදිවයින් ජාතියකු පමණක් බව එහිදී අනාවරණය කර ඇත.


මොහොමඩ් අෂ්මලි කලක් මාලදිවයිනේ ප්‍රධානතම සන්නිවේදන සමාගමේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර ඇති අතර මාලදිවයිනේ ජාතික ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධිධාරියකුවන ඔහු ඩිජිටල් අලෙවිකරණය පිළිබඳව එම්.බී. ඒ උපාධියක්ද සහිතය. ඔහු මාලදිවයිනේ සංචාරක, ප්‍රවාහන ගුවන් සේවා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට සම්බන්ධ ව්‍යාපාරවලද සේවය කර තිබේ.

Exit mobile version