දැනට භාවිත එන්නතට වලංගු නැති කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමුවේ!

C.1.2 VERIYANT

තුෂාරි කළුබෝවිල – 

දැනට භාවිතා වන  කිසිම කෙවිඩ් එන්නත්කට ඔරොත්තු නොදෙන බවට අනුමාන කරන  නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගෙන ඇත.

මෙම වෛරසය හමුවේ කොවිඩ් එන්නත් වැඩිදියුණු කළ යුතු මට්ටමක් නිර්මාණය වී තිබේ.

එය චීනයේ වුහාන්වලින් හමුවූ පළමු කොවිඩ් ප්‍රභේදයට වඩා බොහෝ සෙයින් විකෘතිතාවයෙන් යුක්ත බව මේ පිළිබඳ පර්යේෂණවල නිරත වන දකුණු අප්‍රිකාවේ බෝවන රෝග පිලිබඳව විමර්ෂණය කරන ජාතික පර්යේෂණ ආයතනය සඳහන් කර තිබේ.


මෙය දකුණු අප්‍රිකාවේ තුන්වන කොවිඩ් රැල්ලේදී හඳුනාගත් ප්‍රභේදයක් බවත්, එය මෙම වසරේ මැයි මාසයේ සිට එරටින් වාර්තා වූ බවත් ඔවුහූ පෙන්වා දෙති.

පළමුවරට මෙම නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනීමෙන් අනතුරුව එංගලන්තය, චීනය, කොංගෝ රාජ්‍යයෙන්, මොරිෂස්, නවසීලන්තය, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය යන රටවලින්ද වාර්තා වී ඇත.

මෙම නව කොවිඩ් ප්‍රභේදය C.1.2 යනුවෙන් හඳුන්වනු ලබන අතර ජනවාරි මාසයේදී එරටින් හඳුනා ගනු ලැබූ C.1 ප්‍රභේදයේ විකෘතිතාවයක් බවට විද්‍යාඥයින් පෙන්වා දෙයි.

එසේ ම C.1.2 කොවිඩ් ප්‍රභේදයේ N440K සහ ‍Y449H යන විකෘතිතාවයන් පෙන්නුම් කරනු ලබන බවට ද ඔවුහූ තොරතුරු දක්වා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වෛරසය ඇල්ෆා, බීටා සහ ගැමා වෛරස් ප්‍රභේදයන්ට සාපේක්ෂව කෙටි කාලයක් තුලදී වේගවත් විකෘතිභාවයක් පෙන්නුම් කරනු ලබන අතර කොවිඩ් එන්නතෙන් ලබාදෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යා හැකි බවට ද සැලකේ.

Exit mobile version