දැඩි සත්කාර ඇඳන් 187ක අසාධ්‍ය රෝගීන්… 936ක් මේ මොහොතෙත් යැපෙන්නේ ඔක්සිජන් මත… 

කොළඹ රෝගීන් සියයට 20ක් මිය යන්නේ නිවෙස්වල... පොඩි ලෙඩේ තත්වය ගැන වෛද්‍ය අංශවල හෙළිදරවුව...

covid

මේ වන  විට දැඩිසත්කාර ඇදන් 187ක කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන බවත් ඉදිරි දින කීපයත තුළ තවත් දැඩිසත්කාර ඇඳන් 34ක් රෝහල් පද්ධතියට එකතු කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 සම්බන්ධිකාරක වෛද්‍ය  අන්වර් අම්දානි   සඳහන් කරයි.

මේ වන විට ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 936 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙම සංඛ්‍යාව ඉදිරි දිනවලදි කොපමණ ප්‍රමාණයකින් ඉහළ යන්නේද පිලිබඳව නිශ්චිතව කිව නොහැකි බව ඔහු සදහන් කරයි.

ඊයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනිය  පෙන්වා දුන්නේ කොළඹ දී මිය යන කොව්ඩ් රෝගීන්ගෙන් සියයට 20ක් මිය යන්නේ නිවෙස් තුළ දී බවය.


රට තුළ දැනට කොවිඩ් වයිරසය පැතිර යාමේ වේගය අනුව රට තුළ නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කර හෝ සංචරණ සීමාවන් දැඩි කර හෝ  නීති රීති වැඩිකර හෝ  සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ප්‍රකාශයට පත් කර හෝ රෝගය පාලනය කළ නොහැකි බවත් අවශ්‍ය වන්නේ පුද්ගලයින් තම තමන්ගේ වගකීම හා යුතුකම අකුරටම ක්‍රියාත්මක කිරිම පමණක්  බවත් මේ පිළිබඳ කළ  විමසීමේ දී  වෛද්‍ය  අන්වර් අම්දානි කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුද්ගලයින් වගකීම් විරහිතව කටයුතු කරන තාක් රෝගය වසංගතයක් ලෙස රට තුළ පැතිරෙමින් මිනිස් ජීවිත විශාල වශයෙන් අහිමිවන තත්ත්වයක් නිර්මාණය වීම වැලැක්විය නොහැකි යැයිද වෛද්‍ය අම්දානි පෙන්වාදේ.

Exit mobile version