ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ වගන්තිය වැඩි චන්ද 92කින් සම්මතයි…

රටම උනුසුම් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 17 වැනි වගන්තිය වූ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ වගන්තිය සංශෝධනය සඳහා විපක්ෂය ඉල්ලූ චන්ද විමසීමේ දී වැඩි ඡන්ද 92කින් එය සම්මත කරගැනීමට ආණ්ඩු පක්ෂය සමත් විය.

මෙම වගන්තිය සම්බන්ධව රටේ ත්‍රෛනිකායික හිමිවරු විරෝධය පෑහ. ආණ්ඩුව පත් කිරීමට විශාල බලවේගයක් නිර්මාණය කළ පුජ්‍ය පක්ෂය මෙන්ම සමාජ බලවේග ද ඊට එරෙහි වූහ. ආණ්ඩු පක්ෂයේ ප්‍රභල ඇමතිවරු වූ විමල් වීරවංශ වැනි දේශපාලකයන් මේ වගන්තිය මුල් කරගෙන ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී ගුටි බැට හුවමාරු කරගැනීමටත් ගියහ. වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාත් මේ වගන්තිය සම්බන්ධව ප්‍රසාදය පල කළේ නැත. ශ්‍රි.ල.නි.ප මන්ත්‍රීවරු මේ සම්බන්ධව ප්‍රසිද්ධ විවේචනයක් කළහ.

20ට පක්ෂ උනත් මේ වගන්තියට පක්ෂ නොවන බව ප්‍රසිද්ධියේ කී සෑම මන්ත්‍රීවරයෙක්ම ද්විත්ව පුරවැසි භාවයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂත්වය වන්නේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂ ව ඡන්දය පාවචිච් කළ මන්ත්‍රීවරයෙක් ද්විත්ව පුරවැසි භාවයට පක්ෂව ඡන්දය දීමය.

Exit mobile version