දළුකානේ සූදු පිටියක බූරු ගැසමින් සිටි ආදිවාසී කාන්තාවන් 04ක් පොලිසියට කොටු…

මනම්පිටිය නිමල් ජයරත්න –

පිරිමින් හය දෙනකු සමඟ බූරු ගස්මින් සිටි දළුකාන ගමේ ආදිවාසී කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු දස දෙනෙකු ඊයේ (12) සවස   අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.

ඔවුන් දිගු කලක සිට මෙම සූදු කෙළිය සිදුකරගෙන ගොස් ඇති බවට තහවුරු වී ඇති බව වැටලීම් සිදු කෙරූ මනම්පිටිය පොලිස්  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර  අප කළ විමසීමකදී සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් දසදෙනාම දලුකාන ගම්මානයේ පදිංචි අවුරුදු හතළිහත් පනහත් අතර වයසේ පසුවන පුද්ගලයන් වන අතර මෙම කාන්තාවන් සිව් දෙනා සුදු කෙළි වලට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බවට චෝදනා ලැබූවන් බව පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය කියයි.


පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි ඕශාන් හේවාවිතාරණගේ,සහ වැලිකන්ද ප්‍රදේශයේ භාර සහකාර පොලිස් අධිකාරී  ශානක ද සිල්වාගේ මෙහෙයවීමෙන්, මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම් සිදුකර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගත් සැකකරුවන් ශරීර ඇප මත නිදහස් කෙරු අතර ඔවුන් දාහතර වෙනිදා  මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට  නියමිත බවද  මනම්පිටිය පොලිස්  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර   අප කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version