දළදා මාලිගාව ව්‍යාපාරික ස්ථානයක් නෙමෙයි… දියවඩන නිලමේගේ වංචා හෙළිකරන්නෙ පාරට බැහැලා…

රාවණා ලංකා ජාතික සංවිධානයේ සභාපති ශ්‍රී නිශ්ශංක පෙරේරා...

මහනුවර ශ්‍රී දළදා මාලිගාව  ව්‍යාපාරික ස්ථානයක් කරගෙන ශ්‍රී දන්ත ධාතූන්වහන්සේත්  අලෙවි කිරීමට හැකි ආකාරයේ වංචනික පුද්ගලයෙක් වූ දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දරන ප්‍රදීප් නිලංග දෑලට සහ ඔහු වටා සිටින උදවියගේ සියලු වංචනික ක්‍රියාවලට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් ඉදිරියේ දී සූදානම් කර ඇති බව රාවණා ලංකා ජාතික සංවිධානයේ සභාපති ශ්‍රී නිශ්ශංක පෙරේරා පවසයි.

මෙම වංචා හා දූෂණ සම්බන්ධව  ලබන සතියේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සියලු අපරාධ හෙළි කිරීමට කටයුතු කරන බවත් ඔහු කියයි.

ශ්‍රී නිශ්ශංක පෙරේරා  මේ බව පැවසුවේ “ටෘත් විත් චමුදිත“ අන්තර්ජාල නාලිකාව සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.


තමන් තනි පුද්ගලයෙක් ලෙස මෙම වංචාවන්ට   එරෙහිව නැගී සිටිය නමුත් මේ වනවිට තමන් වටා විශාල පිරිසක් එක් වී ඇති බව ඔහු කීවේය.

මීට සතියකට පෙර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලට එරෙහිව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යලයේ  චෝදනා 43ක්  සමග පැමිණිල්ලක් සටහන් කළ බව කී ශ්‍රී නිශ්ශංක මායාදුන්නේ එම පැමිණිල්ලේ  පිටපත් මහානායක හිමිවරුන්ට, ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, කතා නායක වරයාට ඇතුළු සියලුම වගකිවයුතු අංශ වෙත යොමු කළ බව කීවේය.

“ දළදා වහන්සේට පූජා කළ විහාර දේවලගම් පනත යටතේ පාලනයවන ඉඩම් විශාල ප්‍රමාණයක් හොර ඔප්පු හදලා විකුණලා තියනවා. සියලු සාක්ෂි මා ලඟ තියනවා. උදාහරණයක් කියන්නම් … මහනුවර පහළ කෝරලයේ උඩ පලාත මෙගොඩ කලුගමුවේ ශ්‍රී දළදා මාලිගාවට අයත් මල්නයිදදෙණියහේන නැමති කළුගමුව විදානගේ යටතේ පාලනය වන අක්කර තුනයි පර්චස් 27. 53ක් කොළඹ 07 ධර්මපාල මාවත අංක 107 ස්ථානයේ පිහිටි සීමාසහිත සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම වෙත රුපියල් ලක්ෂ 4කට විකිණීම සහ එම සමාගම විසින් පර්චස් 10 කොටසක් ලක්ෂ 10කටත් වඩා වැඩි මුදලකට විකිණීම. මාලිගාවට ලැබිලා තියෙන්නෙ ලක්ෂ 04යි.“

“මේ වංචාව කළේ විහාර දේවාලගම් පනත යටතේ තියන ඉඩම්වල ඔප්පු  වෙනස් කරලා හොර ඔප්පු හදලා. මේ වංචාව සම්බන්ධයෙන්     ප්‍රදීප් නිලංග දෑලට  එරෙහිව අධිකරණයේ නඩුවක් තියනවා.“

“තව එකක් තමයි  මහනුවර වී අටුව කියලා කියන ස්ථානය.    මාලිගාවට අයිති අක්කර 7.5ක් එතන තියනවා.  එම  ස්ථානයේ  ශ්‍රී ලංකා ඉන්ටර් නැෂනල් බුඩිස්ට් ඇකඩමි නමින් ව්‍යාපාරයක්  ලියාපදිංචි කරලා.  ඒ  ලියාපදිංචි කරලා තියෙන්නෙ  2009.02.16. මේ ඉඩම්වල එහෙම ව්‍යාපාර ලියාපදිංචි කරන්න බෑ. එමෙන්ම මේ ව්‍යාපාර ගැන එෆ්.සී.අයි.ඩී. එකේ පැමිණිලි තියනවා.  මේ  වංචා දූෂණ හෙළි දරවු කළ පුද්ගලයින්ට වෙඩි තියලා තියනවා. මේ අස්සෙ මිනී මැරුම් තියනවා. බෞද්ධයන් විදිහට අපි විරුද්ධ වෙන්නෙ මේ මාෆියාවට.“

“ඔබ දන්නවා ජපානයට ලංකාවෙන් දන්ත ධාතූන්වහන්සේ නමක් විකිණුවා. අපි දන්නවා අපට ඉන්නේ එක දන්ත ධාතූන්වහන්සේ නමයි. එහෙමනම් මේ අය ජපානෙට බොරුවක් කරන්න ඕන. එහෙම නැතිනම් අපේ දන්ත ධාතූන්වහන්සෙ විකුණන්න ඕන. අපි ඉදිරියෙදි විශාල උද්ඝෝෂණයක් එක්ක ජනතාව දැනුම්වත් කිරීම් සමග ප්‍රශ්න කරන්නෙ මේ තත්වය. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ එහෙම කරන්නෙ මින් පස්සෙ එන දියවඩන නිලමේ වරයෙක්වත්  මෙතන කරන්න නියමිත වංචා දූෂණ නවත්වන්න…“

Exit mobile version