දවස් 100ක් තුළ කොවිඩ් ආසාදිතයින් මිලියනය ඉක්මවිය හැකියි…

නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

covid-in-india

දින 100ක් තුළ කොවිඩ් රෝගීන් මිලියනය ඉක්මවා වාර්තා විය හැකි බැවින් හැකි පමණ සෞඛ්‍ය උපදෙස් අකුරටම පිලිපදින්නැයි නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කරයි.

දිනකට පුද්ගලයින් 5දෙනෙකුට වයිරසය ආසාදනය වුවහොත් එක් පුද්ගලයෙකු නිරෝගි පුද්ගලයින් දෙදෙනෙකුට රෝගය බෝකිරීමේ හැකියාවක් පවතින බැවින් හැම විටම තනි තනිව පුද්ගලයින් තමන්ගේ සෞඛ්‍යආරක්ෂාව ගැන සිතා කටයුතු කිරීම ඉතාමත් වැදගත් යැයි වෛද්‍ය හේරතා පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන්ට රෝගය බෝවී ඇත්නම් එය තවත් කෙනෙකුට බෝකිරීමෙන් වැළකීමටත් අන් අයට රෝගය බෝවී ඇත්නම් රෝගය තමා වෙත බෝ කර නොගැනිමටත් කටයුතු කිරිමෙන් පමණක් මේ වසංගතයෙන් අත්මිදිය හැකි බව ඔහු පෙන්වාදේ.


Exit mobile version