දරුවෙකුට අවුරුදු 14 දී ලිංගිකව හැසිරීමට නෛතික ඉඩ ලබා දීමේ  විද්‍යාත්මක පදනම කුමක් ද?. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් රජයට බරපතල විරෝධයක්!

ශ්‍රියානි විජේසිංහ –                                                                      

දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ 363 සහ 364 වගන්තියට යෝජිත සංශෝධන වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයට දන්වා සිටී.

යෝජිත සංශෝධනයේ දී ලිංගිකත්වය සඳහා කැමැත්ත පල කිරීමට වත්මන් වයස අවුරුදු 16 සිට 14 දක්වා අඩුකර ඇති බවත්   පහත සඳහන් හේතු මත මෙම යෝජනාවට දැඩිලෙස විරුද්ධ වන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි. 

බොහෝ විද්‍යාත්මක අධ්‍යනයන් මගින් තහවුරු කර ඇති පරිදි වයස අවුරුදු 14 දී දරුවෙකුට ප්‍රමාණවත් අවබෝධයක් නොමැති බවත්,  එවැනි දරුවෙක් ලිංගික ක්‍රියාවන්  සඳහා කැමැත්තක් ලබා දීමට සංජානීය වශයෙන් පරිනතබවක් නොමැති බවත්  සංගමය කියයි.

එසේම අවුරුදු 14ක දරුවෙකුට ලිංගික ක්‍රියාවන්ගෙන්  පසුව බිහිවිය හැකි දරුවෙකුගේ මවක් වීමට ශාරිරිකව හා මානසිකව පරිනතියක් නැති බවද  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ස්වකීය නිවේදනයෙන් වැඩිදුරටත්  පෙන්වා දෙයි


නව යොවුන් වියේ මව්වරුන් සහ ඔවුන්ගේ දරුවන් ශාරීරිකව සහ චිත්තවේගීය වශයෙන් ඉහළ අවදානම් කණ්ඩායමක් වීම වැලැක්විය නොහැකි බවද නිවේදනය කරන වෛද්‍ය වෘත්තිකයින්  වැඩිදුරටත් පෙන්වා දෙන්නේ    අධික මාතෘ ආබාධ හා මරණවලට තුඩුදෙන ගැබ්ගැනීම් , සංකූලතා, මානසික අවපීඩනයන් හේතුවෙන් මානසික සෞඛ්‍ය ගැටලු, ඌණපෝෂණයෙන් ශාරිරක සංජානනිය චිත්තවේග ගැටලු ආදිය ඇතිවිය හැකි බවය.

2016දී ශ්‍රී ලංකාවේ  අධ්‍යාපනය ලැබීමේ අනිවාර්යය වයස අවුරුදු 16 දක්වා වැඩි කිරිම ඉතා සාධනීය පියවරක් ලෙස   සලකන සංගමය ඒ අතර ගෙනෙන  නව සංශෝධන සමග එකඟතාවෙන් ලිංගිකව එක් විමේ වයස අවුරදු 14 නම් එසේ ලිංගිකව එක්වීමෙන් පසු ගැබ් ගත් විට ඇයගේ අධ්‍යාපන සඳහා ඇති අපේක්ෂාවන් මොනවාද යන්න රජයෙන් විමසයි.

ලංකාවේ සමාජ සංස්කෘතික සහ අධ්‍යාපන ක්‍රමය තුළත් ගැබිනි යෞවනියකට සිය අධ්‍යාපනය ලැබීමට ඉඩ දෙන්නේද යන්න  සංගමයක් ලෙස   ප්‍රශ්න කර සිටින බව ද ඔවුහු සිය නිවේදනයෙන් ප්‍රශ්න කර සිටිති. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංගමය විසින් නිකුත් කර ඇති දීර්ඝ නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version