දරවලට මාරුවෙන උතුරේ මිනිස්සු…

දිනසේන රතුගමගේ –

ගෑස් හිඟයත් ගෑස්වල මිල ඉහළ යාමත් සමගම උතුරේ වැසියෝ දර භාවිතයට යොමු වෙමින් සිටිති.

එදිනෙදා ජීවිතය ගෙන යාම සඳහා පලන ලද දර පාපැදි වල හා යතුරු පැදිවල බැඳගෙන නිවසින් නිවසට ගොස් අලෙවි කළ  දර වෙළෙන්දන්ට  මීට පෙර දර මිටියක් අලෙවි කර ගැනීමට විශාල අපහසුවක්ව පැවතියද මේ දිනවල  පා පැදියක ඇති දර මිටි සියල්ලම රුපියල් 1800කට හා යතුරු පැදියක දර තොගය රුපියල් 2500 කට අලෙවි කර ගැනීම එතරම් ප්‍රශ්නයක් වී නොමැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙර දර අලෙවි කරන්නන් පාරිභෝගිකයින් සොයා ගොස් ඔවුන්ට කන්නලව් කොට දර අලෙවි කළද  මේ දිනවල උතුරේ පාරිභෝගිකයෝ දර වෙළෙන්දන් සොයා පැමිණෙන්නට පටන් ගෙන සිටිති.


Exit mobile version