දඹුල්ලේ 14 හැවිරිදි දැරියගේ ඝාතකයා ඉන්නා ඉසව්ව ගැන පොලිසියට ඉවක්

දැරිය ඝාතනයට ලක්ව සිටි නිවස

සිය දරුවාට පාඩම් වැඩ කියා දෙන්නට යැයි කියා අවුරුදු 14 ක් වයසැති දැරිවියක් රැගෙන ගොස් අතවර කර මරා දැමූ සැක කරන දැනට අතුරුදන් ව සිටින සැකකරු, සිය බිරිද සහ දරුවා පිළිබඳව විද්‍යාත්මක සක්ෂි කිහිපයක් ලැබී ඇති හෙයින් ඉදිරි දිනි කිහිපය තුල ඔවුන් අත්අඩංගුවට ගත හැකි වේ යයි දඹුල්ල පොලීසිය විශ්වාසය පළ කරයි.

දඹුල්ල පොලිස් වසමේ අතුපාර ගම්මානයේ පදිංචිව සිටි එම දැරිවියව දූෂණය කර ඇතැයි පොලීසිය සැකකරයි. දඹුල්ල කහලෝගහ ඇල ගම්මානයේ පාළු නිවසක ඇදක් මත තිබී ඉකුත් 10 වෙනිදා ඇගේ මළ සිරුර සොයා ගන්නා විට එය තිබී අත්තේ නිරුවත්ව බව පොලීසිය සදහන් කරයි.

දඹුල්ල පොලීසිය කියන්නේ මිය ගිය දැරිවියට සහෝදර සහෝදරියන් සිවි දෙනෙක් සිටින බවයි. ඇයගේ අක්කාගේ පාසල් මිතුරියකගේ සැමියා විසින් මෙම අපරාධය කර ඇති බව පොලීසිය සැක කරයි.


එම සම කාලීන පාසල් මිතුරිය සිය සැමියා සහ අවුරුදු 08 ක දියණිය සමග පදිංචිව සිට ඇත්තේ ගල්කිරියාගම පොලිස් වසමේ හඹරැත්තාව ගම්මානයේ පිහිටි පොල් වත්තකය. එහි මුර මඩුවක ජීවත් වන ඔවුන් පොල්වත්තේ වැඩක් පලක් කරමින් පොල්වත්ත බලාකියාගෙන සිට ඇත.

මිය ගිය දැරිවියගේ සහෝදරියගේ හිතවත්කම් මත ඔවුන් මාස කිහිපයකට පෙර දඹුල්ලේ කලෝගහ ඇල පිහිටි නිවසක කුළියට පදිංචියට පැමිණ ඇත. එසේ වුවද එම නිවසේ කුළිය ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් යළි ඔවුන් නැවතත් කලින් පදිංචි වී සිටි පොල්වත්තටම ගොස් ඇත.

ඉකුත් 06 වෙනිදා මෙම සැකකරු දැරියගේ නිවසට පැමිණ ඇති අතර සිය 08 හැවිරිදි දැරිවියට පාඩම් වැඩ කියා දීමට යයි පවසා මෙම 14 හැවිරිදි දැරියව කැඳවාගෙන ගොස් අත්තේ දෙමාපියන්ගේද අවසරය ඇතිවය. ඒ අදුරු වැටෙන්නට පෙර නිවසට ඇරලවන පොරොන්දුව මතය.

ඒ පොරොන්දුව එදා අදුරු වැටී බොහෝ වේලාවක් ගතවන තුරු ඉටු නොවූ තැන පියා පොල්වත්තට ගොස් පරීක්ෂා කළේය. මඩුව හිස්ය. මිනිස් පුලුටක් එහි නොවීය. හිස් අතින් නිවසට එන දැරිවියගේ පියා පහුවෙනිදාත් පොල්වත්තට ගියේය. ගමේ හැම තැනම සොයා බැලුවේය.

අවසානයේදී පොලීසියට මේ ගැන ඔවුන් කියන්නට යන්නේ 08 වෙනිදා රාත්‍රියේදීය.
පොලීසිය 09 වෙනිදා උදේම වැඩට බැස්සේය. පොල්වත්තට ගියේය.

නිවැසියන් බඩු මුට්ටුත් රැගෙන අතුරුදන්ව ඇති බව එහිදී පොලීසියට පෙනී ගියේය. අනතුරුව පොලීසිය කලෝගහඇල නිවසට යන්නේ එම නිවසින් දුගදක් හමන බවට 119 හදිසි ඇමතුම් අංශයට ගම්වැසියෙක් ලබාදුන් තොරතුරකට අනුවය. ඒ අනුව පොලීසිය එහි ගොස් දොරගුළු කඩා පරීක්ෂා කිරීමේදී පෙනී දකින්නේ නිවසේ ඇදක් මත නිරුවතින් ඇති දැරිවියගේ මළ සිරුරය.

මේ ගැන මෙතෙක් කර ඇති විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ දැරිවියගේ මරණය සිදුව ඇත්තේ 06 වෙනිදා බවය.

බැලූ බැල්මට අතවරයකට එහාගිය අපරාධයක් සිදුව ඇති බව පෙනී ගියත් එය නිෂ්චිතවම තහවුරුකර ගැනීමට හැකියාව ලැබෙන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයේදීය.

එය අද පැවැත්වීමට නියමිතව තිබුණත් එය හෙටට කල් ගියේය. විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට සැකකරු සිය බිරිය සහ දරුවා රැගෙන 06 වෙනිදා සවස 3.00 ට පමණ පොල්වත්තෙන් පිටත්ව ගොස් ඇති බවකි.

දරුවාට පාඩම් කියාදෙන්නට යැයි කියා 14 හැවරිදි දැරිවිය ඔහු රැගෙන ගොස් ඇත්තේම ඇයට මෙම අපරාධය කරන්නට සැළසුම්කරගෙනම බව පොලීසිය සැකකරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විද්‍යාත්මක සාක්ෂි කිහිපයක් ලැබී ඇති බැවින් සැකකරු සිටින ඉසව්වක් සොයා ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

Exit mobile version