දමිතයි සැමියයි 24 තෙක් රිමාන්ඩ්…

විදේශ රැකියා ලබා දෙන බව පවසමින් සිදුකළ මුල්‍ය වංචා චෝදනාවක්  මත අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් මේ මස 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අද  (17) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

අත් අඩංගුවට නොගැනීම සඳහා වූ අපේක්ෂිත ඇප ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව ඇය සහ ඇගේ සැමියා අධිකරණය මගහැර සිටි බවට චෝදනා එල්ල වී තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය නිකුත් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සපාරාධී ලෙස මුදල් වංචා කිරීමේ අපරාධයකට චූදිතව බන්ධනාගාරයේ සිටින දමිතා අබේරත්න බන්ධනාගාර බසයෙන් බැස එන අතර මාධ්‍යයට අත මිට මොලවා පෙන්වමින් ජයවේවා යැයි ප්‍රකාශ කළාය.

Exit mobile version