දන් පින් කරමින් වව්නියාවේ දී බාලසුබ්‍රමනියම්ට පින් අනුමෝදන් කරයි…

දිනසේන රතුගමගේ –

බාලසුබ්‍රමනියම් සංගීතඥයා සිහිකර පින් අනුමෝදනා පවත්වමින්…

කොරෝනා වසංගතයෙන්  අභාවප්‍රාප්ත ඉන්දියානූ සුප්‍රසිද්ධ  ගායක එස්.පී.බාලසුබ්‍රමනියම්ට  පින් අනුමෝදන් කරවීම පිණිස වවුනියාවේ ස්ථාන ගණනාවකම විවිධ ආකාරයේ පින්කම් පැවැත්වුණි.

වවුනියාව වෙළඳ සංගමය ගොවි සංවිධාන හා දෙමළ මාධ්‍යවේදි සංගමය විසින් වවුනියාව නගරයේදී සුබ්‍රමනියම් මහතාගේ ඡායාරූප වලට පහන් හා ඉටිපන්දම් දල්වා මියගිය ඔහුට පින් අනුමෝදන් කළ අතර වවුනියාවේ  බොහෝ  ස්ථාන වල ඔහුට ශෝකය පලකරමින් විශාල ප්‍රමාණයේ බැනර් යොදා තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇතැම් ස්ථාන වල ඔහුට උපහාරයක් වශයෙන් ඔහු ගායනා කළ ගීත වාදනය වෙමින් පැවති අතර තවත් ස්ථාන කීපයක සුබ්‍රමනියම් මහතාට පින්  අනුමෝදන් කරවීම පිණිස සිසිල් පැන් දන්සැල්ද සංවිධානය කොට තිබුණි.


Exit mobile version