දකුණේ පාසල්06ක්, අම්පාර පාසල් 06ක්, වව්නියාව පාසල් 06ක්, කලවාන පාසල් 09ක් හෙට විවෘත නොවේ…

ලලිත් චාමින්ද – කිර්ති ප්‍රනාන්දු –

දකුණු පළාතේ  හෙට දින (11) දින පාසල් 06ක්  ආරමභ නොකරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා පවසයි.

දැනට හුදකලාකොට ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ තුන්දුව  හා මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල   යෝනකපුර  යන ප්‍රදේශවල  සහ  ඒ ආසන්නයේ පිහිටි පාසල්  06  විවෘත නොකරන බවද ඔහු පවසයි.

ඒ  අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි තුන්දුව මුස්ලිම් විද්‍යාලය, ජේ.ඩි ධර්මසේන විද්‍යාලය මාතර දිස්ත්‍රික්කයේ පිහිටි  යෝනකපුර මිල්හාර ජාතික පාසල දික්වැල්ල කුමාරතුංග මුනිදාස පාසල, වැලිගම අරිපා ජාතික පාසල වැලිගම මුස්ලිම් විද්‍යාලය  හෙට (11) දින විවෘත නොකිරිමට කටයුතු දකුණු පළාතේ පළාත් සභා පාසල් 1045ක් හා ජාතික පාසල් 67ක්  තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම කොවිඩ් වෛරසය පැතිරී යන අම්පාර නාගරික ප්‍රදේශයේ පාසල් තුනක්, වව්නියාව නගරයේ පාසල් 06ක්, කලවාන ප්‍රදේශයේ පාසල්09ක් වසා තබන බව සෞඛ්‍ය අංශ පවසයි.

 

 

 

 

Exit mobile version