දකුණේ අපරාධවලට ගෙනා අවි උණ්ඩ තොගයක් කඹුරුපිටියෙන්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර – සම්පත්
කඹුරුපිටිය විටියල ප්‍රදේශයේ  නිවසක පොල් ගසක් යට තිබි ටි-56 ගිණි අවි වලට යොදන මැගසීනයක් සමග උණ්ඩ 29 ක් සොයා ගැනිමට හැකි වු කඹුරුපිටිය පොලීසිය පවසයි.
මෙම  මෙම උණ්ඩ තිබූ ඉඩමේ නිවෙස් හිමියා නීති් විරෝධි මත්පැන් නිෂ්පාදනය ඇතුලු විවිධ චෝදනා යටතේ පොලිස් ස්ථාන කිහිපයකදි පොලිස් අත් තඩංගුවට පත් වු පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
මෙම උණ්ඩ කුමන අපරාධයකට ගෙනවිත් සඟවා  ඇති බවට පොලිස් බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති අතර ඒ ඔස්සේ තවදුරටත් විමර්ශණ සිදු කරයි.
මාතර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ උපදෙස් මත කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සරත් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරින් කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

Exit mobile version