දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බෝට්ටුවෙන් මත්ද්‍රව්‍ය තොගයක් ගොඩබිමටත් යවලා – මුහුදට දැමූ කිලෝ 3ක් හමුවෙයි

ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි යාත්‍රාවෙන් ගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට පෙර සූක්ෂම ලෙස ගොඩබිමට එවා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔවුන් විසින් මුහුදට දමන ලද මත්කුඩු පාර්සලවලින් කිලෝ ග්‍රෑම් 3ක් මුහුදේ පාවෙමින් තිබියදී සොයාගෙන ඇත.

මුහුදට දැමු අයිස් මත්ද්‍රව්‍ය පාර්සල් සොයා සිදුකරන නාවික මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වේ.


නාවික හමුදාව මඟින් එම යාත්‍රාව වටලන්නට ගිය අවස්ථාවේදී එම මත්ද්‍රව්‍ය තොගය මුහුදට දමා බේරී පළා යාමට සැකකරුවන් උත්සාහ කොට තිබූ අතර ඔවුන් අද නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මෙම මෙහෙයුම දියත් කොට ඇති අතර අදාළ යාත්‍රාවේ සිටි පස්දෙනකු අත්අඩංගුවට ගෙන ගාල්ල ජාකොටුව වෙරළ තීරයට රැගෙන ආ බව පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි.

එම යාත්‍රාවේ අවම වශයෙන් මත්කුඩු කිලෝ ග්‍රෑම් සියයක්වත් තිබෙන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.

ඒ අනුව තවදුරටත් මෙම මත්කුඩු සොයා නාවික හමුදාව මුහුදේ මෙහෙයුමක් දියත් කර තිබේ.

ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මත්කුඩු ජාලයේ එක් හුවමාරු මධ්‍යස්ථානයක් බවට හදුනාගෙන ඇති බැවින් එක්සත් ජතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයද මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලැබෙන තොරතුරු ඇතුළු තොරතුරු ලබා දීමට කටයුතු කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව සිදු කරන ලද මෙම මෙහෙයුමේදී ඔවුන් අත්අඩංගුවට පත් වන විට ලද ඉඟියකින් මෙම යාත්‍රාවේ සිටි පුද්ගලයන් මත් කුඩු තොගය නාවික හමුදාව එන්නට පෙර මුහුදට දමා ඇති බවට විශ්වාස කරයි.

Exit mobile version