දකුණු ආණ්ඩුකාර විලී හෙට පාසල් අරින්න වැඩ බලන විදුහල්පතිවරු තෝරයි!

හෙට සේවයට වාර්තාකර ඇති ජේ්‍යෂ්ඨතම ගුරුවරයා, ගුරුවරිය වැඩ බලන විදුහල්පති වෙයි..

ලලිත් චාමින්ද –

දකුණු පළාත තුල ළමුන් 200ට අඩු පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ක්‍රිඩා පුහුණුකරුවන්, පාසල්වලට අනුයුක්තකොට ඇති අභ්‍යාසලාභි උපාධිධාරින්, අනධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයින් හෙට (21) දින අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළයුතු බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා පවසයි.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ ගේ නියෝග පරිදි මෙම දැනුම්දිම සිදුකරන බවද ඔහු කියයි.

යම් හේතුවක් නිසා විදුහල්පතිවරුන් විදුහල්පතිවරියන් සේවයට වාර්තා නොකරණ පාසල් වෙතොත් එම දිනයේ සේවයට වාර්තාකර ඇති ජේ්‍යෂ්ඨතම ගුරුවරයා, ගුරුවරිය පාසලේ අධ්‍යයන හා කළමණාකරණ කටයුතු සඳහා තාවකාලික වැඩබලන විදුහල්පති ලෙස නම්කොට පාසලේ කටයුතු පවත්වාගෙන යාමට උපදෙස් ලබා දි ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.


මේ සම්බන්ධව ආණ්ඩුකාරවරයාගේ නියෝග පරිදි කලාප කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත බලය පවරන බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පළාත් සභාව යටතේ පාලනය වන ළමුන් 200ට අඩු පාසල් වල 1 -5 ශ්‍රේණි හෙට (21) ආරම්භවේ.

Exit mobile version