බොරළුකන්ද රජ මහා විහාරය සම්බන්ධව තොණ්ඩමන් ගේ සහ සම්පන්දන්ගේ නියෝගයට එරෙහිව නැගෙනහිර හිමිවරු මගට බසිති!

මේ වනවිට හින්දු කෝවිල් 53ක් ත්‍රී කුණාමලය නගරය කේන්ද්‍ර කරන් අලුතින් හැදමින්එ ඉන්නවා... එක බෞද්ධයෙක් විරුද්ධ වුනේ නෑ... හිමිවරු කියති

ත්‍රී කුණාමලය සමන් මල්ලවආරච්චි –

ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ ඉලුප්පුකුලම්හි පිහිටි බොරලු කන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු සහ පන්සල් වත්ත සුද්ධ පවිත්‍ර කිරීම වහාම නවත්වන ලෙස දන්වමින්    ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් ගේ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ආර්.සම්පනදන්ගේ වාචික නියෝග පරිදි  නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කළ ලිඛිත දැන්වීමට විරෝධය දක්වා  නැහෙගනහිර පළාතේ  මහා සංඝරත්නය අද මහ පාරට බැස්සහ.

ප්‍රාදේශීය ලේකම්වරයාගේ ලිඛිත නියෝගය…

බොරලුකන්ද පූජාභූමියට වැඩම කළ මහ සංඝරත්නය ප්‍රථමයෙන් රෝපණය කර ඇති බෝ අංකුරය අභියස ආගමික වතාවත් පැවැත්විමෙන් පසු එහි සත්‍යක්‍රියාව යෙදුනහ.

අනතුරුව මාර්ගයට පැමිණි  ත්‍රිකුණාමලය ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩලය නියෝජනය කරන මහ සංඝරත්නය තිස් නමකට ආසන්න පිරිසක් ත්‍රිකුණාමලය පුල්මුඩේ මාර්ගයේ එක් මන්තීරුවක් වසා විරෝධතාවයක් ආරම්භ කළහ.

රථවාහන පොලිසිය මැදිහත් වී ගමනාගමන කටයුතු සඳහා එක් මංතීරුවක් භාවිතා කිරීමට ඉඩ සකස්කර දුන්හ.


සත්‍යක්‍රියාව පවත්වන ආකාරය….

විරෝධතාවය  අතර  අදහස් දැක්වු හිමිවරුන් පැවසුවේ මේ වනවිට ත්‍රී කුණාමලය නගරය කේන්ද්‍ර කරගෙන  හින්දු ආගමික ස්ථාන 53ක්  අලුතින් ගොඩනැගෙමින් ඇති බවය. කිසිම බෞද්ධයෙක් මේ ඉදිකිරීම්වලට විරුද්ධ නොවූ බවත්,    ශ්‍රද්ධාපුර සිංහල ගම්මානය මැද දෙමළ කොවිලක් ඉදිවීම සිංහල බෞද්ධයන්ට ප්‍රශ්නයක් නොවූ බවත්ය. ආගමික මධ්‍යස්ථානයකින් සිද්ධ වන්නේ මිනුසුන් අධ්‍යාත්මිකව දියුණු කිරීම නම් කොපමණ ආගමික මධ්‍යස්ථාන පිරිසක් ඉදි වුවද එය ප්‍රශ්නයක් ලෙස සිංහල බෞද්ධයින් නොසලකන බවය.

ඒ තත්ත්වය තුළ ආණ්ඩුකාාරවරයා සහ සම්පන්දන් මන්ත්‍රීවරයා ප්‍රාදේශීය ලේකම් හරහා මේ එවන නියෝගය සාධාරණ නොවන බවත් මේ  ඓතිහාසික විල්ගම් විහාරය කේන්ද්‍රකොට ඉදිවූ  අනුරාධපුර යුගයට අයත් පරිවාර පූජාභූමි 4න් එකක් බවත්, එම පුරාණ විහාරය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බවත් උන්වහන්සේලා පැවසූහ.

මොරවැව මහ දිවුල්වැව ශ්‍රි ඉන්ද්‍රාරාමාධිපති  පොල්හේන්ගොඩ උපරතන  හිමියන් පැවසුවේ  බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි වූ මෙම පූජා භිමියේ පන්සලක් හැදෙනවාට  සිවිල් දෙමළ හා මුස්ලිම් වැසියන් විරුද්ධ නැති බවය. මේ පන්සලේ දායකයන් ලෙස ද මේ ජනතාව කටයුතු කරන බව උන්වහන්සේ කීහ.

මේ ජාතිවාදී ආණ්ඩුකාරවරයා මෙවැනි වටපිටාවක මහා සංඝරත්නය පාරට ඇද දැමුවා නම් 13 වැනි සංශෝධනයේ බලතල පළාත් සභාවට දුන්නා නම් පන්සලක මල් පහන් පූජා කරන්නත් ඔහුගෙන් අවසර ගැනීමට සිදුවනු ඇති බව නා හිමියෝ පැවසූහ.

බොරළුකන්ද  විහාරාධිකාරී ත්‍රීකුණාමලය සුඛිතවන්සතිස්ස හිමියො දෙමළ භාෂාවෙන් කතා කර පැවසුවේ තමන් වහන්සේ මේ පන්සලට වැඩම කර සිටින්නේ ජාතීන් බිඳවන්න නොව, ජාතීන් අතර සංහිඳියාව ගෙඩනැගීමට බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් පන්සලේ සිට පා ගමනින් වඩින හිමිවරුන්ට එක් ස්ථානය සිටි දෙමළ ජාතිකයෙක් එම මාර්ගය තමන් විසින් හදාගත් එකක් බැවින් එය භාවිතා නොකරන ලෙස දන්වීමත් සමග උනුසුම් තත්ත්වයක් ඇති විය.

Exit mobile version