තොණ්ඩමන්ගේ පුටුවට තුන්කොන් සටනක්…

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා මිය යෑමෙන් පසු ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය සඳහා මේ වන විට එම කොංග්‍රසයේ තිදෙනෙක් අතර තියුණු සටනක් හටගෙන තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති මුත්තු සිවලිංගම්, ඌව පළාත් සභා මන්ත්‍රී සෙන්තිල් තොණ්ඩමන් සහ හිටපු නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් යන අය අතර නායකත්ව සටන මේ වන විට ආරම්භ වී තිබේ.

මෙම සටනින් පක්ෂය දෙකඩ වීම වළක්වා නායකයෙක් තෝරා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණයක් ගැනීම සඳහා කොංග්‍රස් ක්‍රියාකාරිකයින් පස් දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කරනු ලැබ ඇත.


කමිටුවේ ප්‍රධානියා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම් කටයුතු කරන අතර සෙසු සාමාජිකයෝ ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ ශ්‍රේෂ්ඨයකු වන මාරිමුත්තු, ඌව පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන මරදපාණ්ඩි සිවරාසා කටයුතු කරති.

මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ වැඩිමහල් දියණිය වන නාච්චි තොණ්ඩමන් මහත්මිය එම කොංග්‍රසයේ ඉහළ තනතුරකට පත් කර ගන්නා ලෙස තොණ්ඩමන් පවුලෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

එමෙන්ම කොංග්‍රසයේ නායකත්වය පවුලෙන් පිට කෙනෙකුට ලබා දීමට නොහැකි බව පවුලේ සාමාජිකයන් දැඩි ඉල්ලීමක සිටින අතර ආණ්ඩුවේ ඉහළ දේශපාලන බලවතුන්ගෙන් ද ලංකා කම්කරු කොංග්‍රසයේ ක්‍රියාකාරීන්ට ඉල්ලීම් ඉදිරිපත් ව ඇත්තේ නායකත්වයට තොන්ඩමන්ගේ පුත් ජීවන් පත්කර ගැනීමට කටයුතු කරන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා මිය යෑමෙන් පසු එම තනතුරට ආරුමුගම් තොණ්ඩමන් මහතා පත්කර ගැනීමට මාස කිහිපයක් ගත වූ ආකාරයටම නව නායකයා පත් කරගැනීම මැතිවරණයෙන් පසුවට කල් යනු ඇතැයි ලංකා කම්කරු කොංග්‍රසයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

Exit mobile version