තොටලඟ අරුණ එල්ලේ නායකයා ඝාතන සිද්ධියට හමුදාවේ 8ක් කැබ් රථ 2ක් පොලිස් අත්අඩංගුවේ…

තොටලඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායකත්වය දැරූ වූ මට්ටකුලිය ග්‍රමසේවකවරිගේ  සැමියා සැලසුම්කර පැහැරගෙන ගොස්  ඝාතනය කිරීමේ සිද්ධියට යුද හමුදා ගැමුණු සේවා බලකායේ මෝදර කඳවුරට සම්බන්ධව   බුද්ධි රාජකාරිවල යොදවා සිටි    8  දෙනෙක්  සහ අපරාධයට යොදා ගත් කැබ් රථ දෙකක්  කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින්  මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

යුද හමුදාවේ උපරිම සහයෝගය මත ආරම්භ වී ඇති මෙම විමර්ශනයට අදාලව මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ යුද හමුදා කෝප්‍රල්වරයා සහ ඔහුගේ අනියම් බිරිය ලෙස හඳුනාගෙන ඇති ඝාතනය කළ එල්ලේ ක්‍රීඩකයාගේ බිරිය වූ ග්‍රාමසේවකවරිය මීට ඉහත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

සිද්ධියට සම්බන්ධයැයි සැක කරන මෙම බුද්ධි  අනුඛණ්ඩය භාරව සිටි හමුදා කපිතාන්වරයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග කීවේය.


දැනට හෙළිදරව් කරගෙන ඇති කරුණු අනුව ඝාතනය කළ පුද්ගලයා මග රැක සිට පැහැරගෙන ගොස් ඇත්තේ එක් කැබ් රථයකය.

එම කැබ් රථයෙන් මාදම්පිටිය කනත්ත අසල කසල අංගනය අසලට රැගෙන ගිය මෙම පුද්ගලයාට හමුදා පිරිස පහර දී ඝාතනය කර ඇත.  පසුව සිරුර සේද වත්ත ප්‍රදේශයට රැගෙන ගොස් ඇත්තේ වෙනත් කැබ් රථයකිනි.  මල සිරුර කැලණිගඟට අත් හැර ඇත්තේ සේදවත්තෙනි.

ඝාතනය කළ පුද්ගලයා පැදගෙන පැමිණ යතුරු පැදිය මෝදර යුද හමුදා කඳවුර  තුළට රැගෙන ගොස් කොටස්වලට ගලවා කැලණි ගඟට දැමූ බව හෙළි වී ඇත.

කිමිදුම් කරුවන් යොදවා එම යතුරුපැදියේ කොටස් කීපයක් ගොඩ ගැනීමට හැකි වූ බව පොලිස් ආරංචි මාර්ග කීවේය.

මේ වනවිට අත්අඩංගුවට ගත් කැබ් රථ දෙක රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ.

සිය ග්‍රාමසේවක බිරිය ඇයගේ අනියම් සැමියා වූ කෝප්‍රල්වරයා සමග සම්බන්ධයක් පවතින බව අතටම හසුකරගත්  පසු  ඇයට පහර දී මේ සිද්ධියක් මුල් කරගෙන  මෙම ඝාතනය සිදු වී තිබේ.

පසුගිය මස මුල් සතියේ සිදුවූ මෙම සිදුවීම සිය අනියම් සැමියා වූ කෝප්‍රල්වරයාට දැන් වූ පසු කෝප වූ කෝප්‍රල්වරයා සිය හමුදා මිතුරු කණ්ඩායමත් සමග එල්ලේ ක්‍රීඩයකයා මගදී පැහැරගෙනවිත් ඝාතනය කර සිරුර කැලණිගඟට දමා තිබේ.

දින ගණනාවකට පසු  කුණු වූ  මළ සිරුර ගොඩගසන්නේ කාක දූපතෙනි.  ඒ අවස්ථාවේ දී මෙම කාන්තාවම ගොස් සැමියාගේ සිරුර හඳුනාගෙන  ඇත.

සිදුවීම සම්බන්ධව පොලිස් ප්‍රශ්නකිරීම් වලදී මෙම ග්‍රාමසේවක කාන්තාව පවසා ඇත්තේ   තමන් සැමියාව ඝාතනය කිරීම සඳහා කිසිම අනුබලයක් නුදුන් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැමියාට පහර දී අත් හරින බවට හමුදා කෝප්‍රල්වරයා පවසා තිබූ බවය.

Exit mobile version