තොග ප්‍රකාශ නොකර බලධාරී ජාවාරමුන් කණ්ඩායමක් කළුකඩ හරහා ඉන්ධන සූදුවක…. වෘත්තී්‍ය සමිති චෝදනා කරයි!

දැනට ඉතිරිව තිබෙන ඉන්ධන අත්‍යාවශ්‍ය සේවාවලට යැයි ප්‍රකාශ කරමින් එම ඉන්ධන හොර පාරෙන් කළුකඩ වලට යවමින් අල්ලස් ලබා ගන්නා ජාවාරමක් ආරම්භ වී ඇති බවට සැක පහළව ඇතැයි සමගි වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත ලංකාසරට පැවසීය.

මේ වනවිට ගබඩාවල ඉන්ධන කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද,  අත්‍යාවශ්‍ය සේවා සඳහා කුමණ පිරවුම්හල්වලට ඒවා ලබා දෙනවා ද?, එම අත්‍යාවශ්‍ය සේවා මොනවාද, එම අත්‍යාවශ්‍ය සේවාවලට ලබා දෙන ඉන්ධන ප්‍රමාණ කොපමණ ද යන්න    ආණ්ඩුව ලිඛිත ලේඛනයක් වහාම රටට ඉදිරිපත් කළ බව ඔහු අවධාරණය කරයි.

පසුගිය කාලයේ ඉන්ධන බෙදා හැරීම සඳහා සකස් කරන ලද ඇප් එක හදිසියේම නවතා දමා හොරපාරේ ඉන්ධන බෙදා හැරියා සේ අත්‍යාවශ්‍ය සේවා සඳහා කරන බෙදා හැරීම් හෙළි නොකර අල්ලස්වලට  ඉන්ධන බෙදා හැරීමට කටයුතු  කර  කිහිප දෙනෙක් අතර එම අල්ලස් බෙදා ගැනීමේ මාර්ග විවෘත කර දීමක් සිදුව ඇති බව ආනන්ද පාලිත චෝදනා කරයි.

පෙට්‍රල් වාණිජ භාණ්ඩයක් වුවද භූමිතෙල් හා ඩීසල් පොදු උපයෝගීතා භාණ්ඩ බවත්, ඒවා කිසිලෙසකින්වත් අත්‍යවශ්‍ය සේවා ලෙස ගත නොහැකි බවත් ඔහු පවසයි.


ඔහු කියන්නේ එසේ ලබා දෙනවා නම් එය නීති විරෝධී ක්‍රියාවක් බවය.

ඕනෑම වෛද්‍යවරයෙකුට, රාජ්‍ය නිලධාරියෙකුට අත්‍යාවශ්‍ය සේවා යටතේ ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව තිබුණත් ආණ්ඩුව අද ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් තිබෙන ඉන්ධන ප්‍රමාණය අත්‍යාවශ්‍ය සේවා යැයි පවසමින් අල්ලස් සහ අත යට ගනුදෙණු සඳහා බෙදා දීමට ඉඩ සලසා ඇතැයි ඔහු පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

Exit mobile version