තෙවන මාත්‍රාව ලබාදීම කල්දමන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ඉල්ලීමට ප්‍රංශය සහ ජර්මනිය පයින් ගසයි

කොරෝනා මර්ධන එන්නතේ තෙවන මාත්‍රාව ලබාදීම තාවකාලිකව නවතා දමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ඉල්ලීම ඉවත දමමින් ප්‍රංශය සහ ජර්මනිය එරට වැසියන්නට තෙවන මාත්‍රාව ලබාදීමට තීරණය කර තිබේ.

ගෝලීය වශයෙන් කොරෝනා එන්නත් බෙදීයාමේ දැඩි විශමතාවක් පවතින බැවින් අවම වශයෙන් තෙවන මාත්‍රාව ලබාදීම සැප්තැම්බර් මාසයේ අගවන තෙක කල් දමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (4) සියලුම රටවලින් ඉල්ලා සිටියේය.

එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබි්‍රයෙසස් විසින් ප්‍රකාශ කර සිටියේ ධනවත් රටවල් අතර වැඩිවශයෙන් එන්නත් බෙදීයාමක් සිදුවන බවයි.


ඒ අනුව අඩු ආදායම් ලාභී රටවලට ප්‍රමාණවත් තරම් එන්නත් තොග ලබාගැනීමට නොහැකි වීම නිසා එන්නත සියලු ලෝ වැසියන් අතරේ සාධාරණව බෙදීයාමේ ගැටලුවක් නිර්මාණය වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා එහිදී පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ප්‍රකාශ කර ඇත්තේ සැලසුම්කර තිබූ පරිදිම එරට වැඩිහිටි ජනගහනයට සහ අවදානම් මට්ටමේ සිටින පිරිසට කාරෝනා මර්ධන එන්නතේ තෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා බවයි.

“තෙවන මාත්‍රාව සෑම කෙනෙකුටම අවශ්‍ය නොවුනත් එය වැඩිහිටියන්ට සහ අවදානම්කාරී තත්ත්ව වල සිටින පිරිසට බොහෝවිට අත්‍යවශ්‍ය වේවි.” යැයි ප්‍රංශ ජනාධිපතිවරයා සිය නිල ඉස්ටග්‍රෑම් ගිණුමේ සඳහන් කර තිබේ.

මේ අතර ජර්මනිය විසින්ද එරට ප්‍රතිශක්තිය අවම මට්ටමේ ඇති පිරිසට සහ වැඩිහිටි ජනතාවට තෙවන මාත්‍රාවක් ලබාදීමට නියමිතය. ඒ අනුව සැපතැම්බර් මාසයේ සිට තෙවන මාත්‍රාව ලබාදීම සිදුකරන බව ජර්මානියේ සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.

එසේම ධනවත් රටවල් එන්නත් වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට කටයුතු කරන බවත් එබැවින් අඩු ආදායම් ලාභී රටවලට සාධාරණව එන්නත් බොදීයාමේ ගැටලුවක් පවතින බවටද ලෝක සෞඛ්‍ය සංවිධානය කළ චෝදනාව ජර්මනිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

ඒ අනුව ජර්මනිය ප්‍රකාශ කර ඇත්තේ සිය රාජ්‍ය අවම වශයෙන් එන්නත් මාත්‍රා ලක්ෂ තිහක් අඩු ආදායම් ලාභී රටවල් අතර බෙදා දීමට පියවර ගෙන ඇති බවයි.

“අපි අවාදනම්කාරී තත්ත්වයේ පසුවන ජනයා ආරක්ෂා කිරිමටත් තවත් කොරෝනා රැල්ලක් ඇතිවීම වැලක්වීමටත් අරමුණ කරගෙනයි මෙම තෙවන මාත්‍රාව ලබාදෙන්නේ” යනුවෙන්ද ජර්මානු සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ජර්මිනිය සහ ප්‍රංශ අවම එරට ජනගහනයෙන් සියයට හැටකට අධික ප්‍රතිශතයකට එක් එන්නත් මාත්‍රාවක් හේ ලබාදී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම ප්‍රංශය එරට ජනගහනයෙන් සියයට හතලිස් නවයක් සහ ජර්මානිය එරට ජනගහනයෙන් සියයට පනස් තුනක් පූර්ණ එන්නත්කරනයට ලක්කර තිබේ.

Exit mobile version