තෙල්දෙණිය හෝටලයේ නිරෝධායනය කළ නළු නිළි පිරිසට කොවිඩ් නෑ…

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ නාට්‍යයක  රූ ගත කිරීමට සහභාගි වී තෙල්දෙණිය හෝටලයක නිරෝධායනය වෙමින් සිටින රංගන ශිල්පීන් 29 දෙනාට කොවිඩ් ආසාදනය වී නැති බව පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වී යැයි ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවසයි.

එම රූගත කිරීම් සඳහා සහභාගී වූ ජනප්‍රිය තරුණ නළුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග සෞඛ්‍ය අංශ විසින්  එම රංගන ශිල්පින් නැවති සිටි එම හෝටලයේම ඔවුන්ව නිරෝධායනය කළේය.

එම රංගන ශිල්පියා සමග සමීප සම්බන්ධතා පැවැත්වු 8 දෙනෙකුගේ පමණ පී.සී.ආර් පරීක්ෂණ මුලින්ම පැවැත් වූ අතර  එම පරික්ෂණ වලින් කිසිම රංගන ශිල්පියෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී නැත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මෙම  පිරිස දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කර ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි.

   

Exit mobile version