තෙල්දෙණිය රෝහලේ කොවිඩ් රෝගීන් 06ක් ජීවිතය සමග සටනක

තෙල්දෙණිය රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන් 06ක් මරණය සමග පොරයක නිරතවෙමින් ඇති බව   මධ්‍යම පළාත්   කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාවන මෙහෙයුම් කමිටු විශේෂ රැස්වීමේ දී හෙළිදරවු විය.

මෙම රෝගීන් සියලු දෙනාම දැඩි සත්කාර ඒකක තුළ ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් බවත් මෙවැනි රෝගීන් 7 දෙනෙක් සිටි අතර එක් රෝගියෙක් ඊයේ (08) කොළඹ දැඩි සත්කාර ඒකකයක් වෙත යොමු කළ බවත්  පැවසිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවරටම දැනට ඇත්තේ දැඩි සත්කාර ඒකක ඇඳන් 06ක් පමණක් බව වාර්තා වේ.  අසාධ්‍ය තත්වයේ සිටින රෝගීන් බේරා ගැනීම සඳහා වෛද්‍ය කාර්යමණ්ඩලය දැඩි සටනක නියැලෙමින් ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.


 

Exit mobile version