තුන්වන වරටත් කෝවිඩ්-19 ආසාධිත තරුණයාගේ නිවස සෞඛ්‍ය අංශ අධීක්ෂණයට

තුන්වන වරටත් කෝවිඩ් 19 ආසාධිත වු බව පි.සි.ආර් පරික්ෂණවලින් සනාථ වු තරුණයාගේ නිවැසියන් යලි දැනුවත් කිරිමට ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (5) දින කටයුතු කර තිබේ.

මෙසේ තුන්වන වරටත් කෝවිඩ් 19 ආසාධිතව ඇත්තේ ඩුබායි සිට මෙරටට පැමින සිටි 23 හැවිරිදි ආණමඩුව තෙන්නන්කුරියාව පදිංචි අවිවාහක තරුණයකී.

අදාල තරුණයා ඩුබායි සිට පසුගිය අගෝස්තු 9 දින ශ්‍රී ලංකාවට පැමින එදිනම පොලොන්නරුව වැලිකන්ද කොරෝනා රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබා යලි ආණමඩුව නිවසට සැප්තැම්බර් 10 පැමින ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.


නිවසේ සිටියදි යලි අසනිපව සැප්තැම්බර් 17 දින හලාවත මහ රෝහලේ කොවිඩ් ඒකකයට ඇතුලත් කර එහිදි සිදුකල පි.සි.ආර් .පරික්ෂණවලදි දෙවන වරටත් කොවිඩ් ආසාධිත බවට සනාථව ඉරණ්විල කෝවිඩ් ප්‍රථිකාර ඒකකයට ඇතුලත් කර තිබු බව කියයි.

ප්‍රථිකාරවලින් අනතුරුව යලි සැප්තැම්පර් 27 දින ආණමඩුව නිවසට පැමින නිරෝධායනය වෙමින් සිටියදී ඔක්තෝම්බර් 2 දින නැවත රෝග ලක්ෂණ මතුවිමත් සමග ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය මගින් හලාවත මහ රෝහලේ කොවිඩ් ඒකකයට යවා තිබුනී.

මෙහිදි නැවත සිදුකල පරික්ෂණවලින් මෙම තරුණයා නැවතත් ආසාධිතයකු බවට සනාථ වි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අනුව මේ පිළිබදව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනි පද්මිනි අබේරත්න මහත්මිය හා පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.එච්.එම් .සමන් චන්දන අබේරත්න ,මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්වන සිසිල් චාමර හේමචන්ද්‍ර, හා ඒ .එච් .එම් . ප්‍රියන්ත අබේරත්න යන මහත්වරුන් විසින් අදාල තරුණයා නිරෝධායනය වෙමින් සිටි නිවැසියන් දැනුවත් කිරිමට කටයුතු කර තිබුනී.

ඒ අනුව එම නිවසේ රැදි සිටි මෙම තරුණයාගේ 46 හැවිරිදි මවට මේ බව දැනුම් දිම සිදුකර තිබු කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය අංශ පවසන්නේ තුන් වන වරටත් කෝවිඩ් 19 ආසාධිත වු තරුණයා හා මව එකම නිවසේ නිරෝධායනය වෙමින් තිබුනද තරුණයාගේ මව දෙවරක් සිදුකල පි.සි.ආර් පරික්ෂණවලදි ඇය ආසාධිත නොවන බවට සනාථ වි ඇති බව කියයි.

Exit mobile version