තීරු බදු නොගෙවා හොරෙන් පැන්නූ ජංගම දුරකථන තොගයක් STF අත් අඩංගුවට…

පෑලියගොඩ පොලිස් වසමේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට මීගමුව පාර පෑලියගොඩ දී  පොලිස් විශේෂ කාර්ය බලකායා විසින් කළ  වැටලීමක දී  රජයට තීරුබදු අහිමි කර හොර රහසේ මහා පරිමාණයෙන් මෙරටට ගෙන්වන ලද ජංගම දුරකථන හා දුරකථන උපාංග, අත් ඔරලෝසු තොගයක් අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

එම භාණ්ඩ  කාර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කොළඹ 12 සහ වත්තල ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 23 සහ 43 ක පුද්ගලයන් දෙදෙනෙකු ද භාණ්ඩ අත්අඩංගුවට ගත් විශේෂ කාර්ය බලකාය  වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත් අඩංගුවට ගත් භාණ්ඩ අතර  Redmi 12c ජංගම දුරකථන 100ක්, . Redmi 12  ජංගම දුරකථන 15 ක්, Iphone 11ක්, Galaxy M04  ජංගම දුරකථන 25ක් ,  Galaxy Tab 04ක්,  Galaxy A04 ජංගම දුරකථන 20ක්, Galaxy F13 ජංගම දුරකථන  04ක්, Notc 12 Pro+ ජංගම දුරකථන 02ක්, Galaxy Z Fold 05 ජංගම දුරකථන 01ක්,  Galaxy A14 ජංගම දුරකථන 04ක්,  Galaxy A54 5g  ජංගම දුරකථන 20ක්,  Galaxy M34 5g  ජංගම දුරකථන 05ක්,Galaxy S 23  5g ජංගම දුරකථන  04 ක්, Galaxy A34 5g  ජංගම දුරකථන 26 ක්,. කොටස් ලබා ගැනීම සදහා ගෙන්වන ලද දුරකථන     77 ක්, ඇපල් ඔරලෝසු  06ක්, ගැලැක්සි ඔරලෝසු 01 ක්, ඇපල් අල්ට්‍රා ඔරලෝසු 01 ක්, දුරකථන චාජර් 20 ක්, බ්ලුටූත් හෑන්ඩ්ෆී        01 ක්,බැක් කවර 35 ක්,  වේ.

Exit mobile version