තැපැල් ඡන්ද සලකුණු කිරීමට විශේෂ කාලසීමාවක්

තැපැල් ඡන්ද සහතික කිරිමේ කාර්යාලවලදී 20 සහ 21 දිනවල ඒ ඒ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වූ විශේෂ කාලසීමාවක් ලබන 24 පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා ද ලබන 25 වැනි දා පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා ද ප්‍රකාශයට පත් කර තිබේ.

මෙතෙක් සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට අපොහොසත් වූ තැපැල් ඡන්ද හිමියන්ට තම කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී මෙම පහසුකම සලසා ගත හැකි බව මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත.

සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පැකට්ටු මේ දක්වා තමන්ගේ භාරයේ රඳවා ඇති තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් ඇතොත් කඩිනමින් එම පැකට්ටු රැගෙන ගොස් සහතික කිරීමේ නිළධාරි කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලබන 23 වැනි දින හෝ එදිනට පෙර භාරදීමට කටයුතු කරන ලෙසද කොමිසම දන්වා සිටී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලබන 24 සහ 25 යන දිනවල තැපැල් ඡන්ද විමසීම සඳහා ඡන්ද පොළේ දී පිළිගන්නා හැඳුනුම්පත් (ජාතික හැඳුනුම්පත, වලංගු ගුවන් ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් වන රාජකාරි රාජකාරී හැඳුනුම්පත, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත) ඉදිරිපත් කර ඡන්ද දායකයා තම අනන්‍යතාව තහවුරු කළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සිහිපත් කර සිටී.

Exit mobile version