තැපැල් ඡන්දපොළේ සෞඛ්‍යාරක්ෂාව ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකට වගකීමක් නෑලු!

මේ දිනවල තැපැල් ඡන්දය ක්‍රියාත්මක වුවද මෙම තැපැල් ඡන්ද මධ්‍යස්ථානවල කොවිඩ් 19 මර්දනයට අදාළව ලබා දුන් සෞඛ්‍ය උපදෙස් නිසි පඑරිදි ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳව නිරීක්ෂණයට හෝ එම උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කරවීමට අදාළ නෛතික බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ලැබී නොමැත.

යම් හෙයකින් මැතිවරණය ට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අදාල ගැසට් පත්‍රය නිකුත් නොවුණහොත් මහමැතිවරණයේදීත් ඡන්ද මධ්‍යස්ථානවලට පිවිස එම ස්ථානවල සෞඛ්‍යාරක්ෂිතව ඡන්ද ප්‍රකාශයට පත් කිරීමේ පහසුකම පවතින්නේද යන්න සොයා බැලිමට මහජන සෞඛ්‍ය පරීකෂසකවරුන්ට හැකියාවක් නොලැබෙනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

මැතිවරණ කොමිසම සහ සෞඛ්‍ය අංශ මඟින් මේ වනවිට ඡන්දයක් පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳව දැනුවත් කළද මැතිවරණයට අදාළව ඒවා ක්‍රියාත්මක කරවීමේ කිසිදු හැකියාවක් සහ බලතල සෞඛ්‍ය අංශ වෙත නොලැබීම ගැටලුවක් වනු ඇති බවද එම ප්‍රකාකශයා තවදුරටත් සඳහන් කළේය.


මේ වනවිටත් ඉතා අනාරක්ෂිත ලෙසින් ඡන්දයට අදාළ ප්‍රචාරක කටයුතු රැස්වීම් ආදිය පැවැත්වෙන අතර මෙම තත්ත්ව නියාමනය කිරීමට දැනට පොදුවේ කොවිඩ් 19 මර්දනයට අදාලව අනුගමනය කෙරෙන ක්‍රියා පිළිවෙලට බාහිර ව පියවර ගත නොහැකි වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඡන්ද මධ්‍යස්ථානයකට හෝ මැතිවරණයට අදාළ වෙනත් කටයුතු සිදුවන ස්ථානයකට ඇතුළු වීමට නම් ඒ සඳහා බලය පැවරෙන ආකාරයට රෙගුලාසි සංශෝධනය කළ යුතු වන අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද මෙම සෞඛ්‍ය මඟපෙන්වීම් මාලාව ඉක්මනින් ම බලාත්මක කළ යුතු බවට අවධාරණය කර තිබිණ.

Exit mobile version