තායිලන්තයේ ටැක්සි රියැදුරෝ කුලී රථවල වගාකරති

තායිලන්තයේ බැංකොක් නුවර කුලී මෝටර් රථ ගාලක වර්ණවත් කුලී රථ වල වහලයේ කොළ පැහැති රිකිලි පැළවෙන බව එරට වාර්තා පවසයි.

ඒ තායිලන්තයේ දැඩි කොවිඩ් -19 සීමාවන් හේතුවෙන් නගරයේ වීදි පාළුවට ගොස් කුලී රථ රියදුරන්ට රැකියාවෙන් ඉවත් වී සිටීමට සිදුවීමයි.

කුලී මෝටර් රථ ආදායම් අහිමිවීමත් සමඟ බොහෝ රියදුරන් තම කුලී රථ අතහැර දමා නගරයෙන් තම ගම්බිම් බලා පිටත්ව ගොස් තිබේ.


එක්තරා ටැක්සි සේවා සපයන සමාගමක් මෙම මෝටර් රථ බෝග පැල කිරීමට ඉඩදී සෙසු සේවකයන්ට යන්තම් පිරිමසසා ගැනීමට මඟක් ලබාදීමට ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව නැවතී තිබෙන මෙම මෝටර්රථ වල වහලය මත කුඩා එළවළු බිම් කැබලි ලෙස භාවිතා කිරීමට තීරණය කර ඇත.

එමඟින් රැකියා විරහිත රියදුරන් සහ අනෙකුත් සේවකයින් පෝෂණය කිරීමට හැකි වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වේ.

රැචාෆ්රුක් කුලී රථ සමාගමේ කම්කරුවන් මෝටර් රථ වහලය මත කුඩා උද්‍යාන ඉදි කර උණ ලී රාමු හරහා පස් වලින් ආවරණය කරමින් මිරිස්, පිපිඤ්ඤා සහ වට්ටක්කා ඇතුළු විවිධ භෝග වගා කරති.

රියදුරන්ට අවශ්‍ය බෝග ආහාරයට ලබාගැනීමෙන් පසු ඉතිරි වූ ඕනෑම අස්වැන්නක් දේශීය වෙළඳපොලේ අලෙවි කළ හැකි යැයි බලාපොරොත්තු වේ.

බැංකොක්හි කුලී රථ වෙළඳාම සාමාන්‍යයෙන් සංචාරක ව්‍යාපාරය මත දැඩි ලෙස විශ්වාසය තබන නමුත් රටට ඇතුළුවීම සඳහා දැඩි සීමා පැනවීම නිසා එය බොහෝ දුරට ඇණහිට ඇත.

‘මෙය අපගේ අවසාන විකල්පය’ යැයි සමාගමේ හිමිකරුවෙකු වන තාපකෝන් අස්සවාලර්ට්කුන් පැවසීය. වාහන බොහොමයක තවමත් විශාල ණය ප්‍රමාණයක් ඉතිරිව ඇති බවත් ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‘වහලවල් මත එලවළු වගා කිරීමෙන් කුලී රථවලට හානි නොවන අතර ඒවායින් බොහොමයක් දැනටමත් අලුත්වැඩියා කළ නොහැකි ලෙස හානි වී ඇත. “එන්ජින් කැඩිලා, ටයර් පැතලි වෙලා කළ හැකි කිසිවක් නැත” ඔහු පැවසීය.

Exit mobile version