ත්‍රී රෝද සහ යතුරුපැදිවලට ඔක්ටේන් 95 නෑ… ගහන්න පුලුවන් 92 විතරයි…

ඔක්ටේන් 95 පෙට්‍රල් ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තීරණය ගෙන ඇත්තේ ඔක්ටේන් 95 ඉන්ධන ලබා ගන්නා යතුරුපැදිකරුවන් හා ත්‍රී රෝද රථ රියදුරන් පසුව එම ඉන්ධන අධික මිලකට විකුණන බවට සංස්ථාව ලද තොරතුරු මත පදනම්ව බව වාර්තා වේ.

විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පැවසුවේ අද (28) උදෑසන වන විට මෙරට පවතින්නේ 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6142ක ප්‍රමාණයක් පමණක් බවය.

Exit mobile version