ත්‍රිපෝෂ තොගයක ඇෆ්ලාටොක්සීන් තිබුණා… තොගය වෙළෙඳපලෙන් ඉවත් කළා –  සෞඛ්‍ය අමාත්‍යාංශ ආහාර පාලන ඒකකය…

මීට මාසයට පමණ පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්  වෙළදපොලේ පවතින ත්‍රිපෝෂ තොගයක් පරික්ෂා කිරීමේදී එහි ඇෆ්ලාටොක්සීන්  අඩංගු බව තහවුරු වුණ බව සෞඛ්‍ය අමාත්‍යංශ‌යේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ   විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන පවසයි.

එම තොගයන වහාම වෙළද‌පොලෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් ඔහු කියයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී දැඩි ආවේගයනේ හැසිරෙමින් කීවේ ත්‍රිපෝෂ වල අෆ්ලාටොක්සීන් නැති බව තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවය.

වෙළෙඳපලෙන් ත්‍රිපෝෂ තොග එකතු කරගැනීමක් ගැන පලවන පුවත්පත් වාර්තා අසත්‍ය බව ඔහු පැවසුවේය. බොරු ප්‍රකාශ කිරීම මාධ්‍ය නිදහස බව ද ඇමතිවරයා කීවේය.


ඇෆ්ලාටොක්සීන් ත්‍රිපෝෂවල අඩංගු බවට ප්‍රකාශ කළ මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණට එරෙහිව දැඩි නෛිතික  ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසුවේය. 

ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් අන්තර්ගත බව ට පවුල් සෞඛ්‍ය කාර්යාංශය කිසිවක් නොදන්නා බවත්   ඒ පිලිබඳව  කිසිදු දැනුම් දීමක් කර නොමැති බවත් එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මේ ගැන කළ විමසුමක දී සඳහන් කළාය.     

මේ ඇෆ්ලටොක්සීන් පිළිබඳව  සෞඛ්‍ය අමාත්‍යංශය  දැනුම්වත් කිරීමෙන් අනතුරුව  බෙදා හැර තිබෙන ත්‍රිපෝෂ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් හරහා එකතු කර ගැනීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිලිබදව අදාල වාර්තාවන් ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම හෝ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉතා ඉක්මනින් නිකුත්වනු ඇති බව ඇය පැවසුවාය.

Exit mobile version