ත්‍රස්ත පනත යටතේ දින 167ක් රඳවාගැනීමට බොරු සාක්ෂි හැදූ ASP විල්ලෝරආරච්චි” SSP ප්‍රසන්න අල්විස්” ASP රත්නායක, ASP අජන්තට එරෙහිව වසන්ත මුදලිගේ ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්!

නීතිය අවභාවිතා කරමින් බොරු සාක්කි නිර්මාණය කර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමන්ව දින 167ක් රඳවා තබා ගැනීමට පදනම සැපයූ පැලියගොඩ පොලිසියේ සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලෝරආරච්චි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී රත්නායක, සහකාර පොලිස් අධිකාරී අජන්ත රුද්‍රිගූ නැමැති නිලධාරීන් සිවු දෙනා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමකට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (07) දහවල් පොලිස් මූලස්ථානයේ පැමිණිල්ලක් ගොනු කළේය.

වසන්ත මුදලිගේ පැවසුවේ මරණීය තර්ජන එල්ල කරමින් විමර්ශනයට අදාල නැති ස්ථාන වෙත රැගෙන යන අතර සම්මත නීතියට පටහැනිව බලපෑම් එල්ල කිරීම හා බොරු සාක්ෂි ගෙතීම සිදුකළ මෙම නිලධාරීන් පිරිස සාධාරණ පොලිස් නිලධාරින් නොවන බවය.

ඔහු චෝදනා කළේ මෙම පුද්ගලයින් පොලිස් නිලධාරීන් නොව, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සහ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස්ලට හිතවත් හෙන්චයියෙන් බවය.
ඔවුන්ව භාවිතා කරමින් මෙම අනිතික අපරාධය කළ බව පැමිණිල්ල ගොනු කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පැවසුවේය.

ඔහු මෙසේ ද පැවසුවේය.


“පොලිස් මූලස්ථානයට ඇවිත් මෙම පැමිණිල්ල ගොනු කරන්න හේතු වුනේම පොලිසිය වගේම ආණ්ඩුව විශාල මර්ධනීය මැදිහත්වීම් ප්‍රමාණයක් කළා නිසා. අත්අඩංගුව ගත්තු මෙහොතෙ ඉඳලා අනීතික ක්‍රියා තමයි නිදහස් කරන මොහොත දක්වාම සිදුකළේ.”

“මේ සියල්ල එක්ක දවස් එකසිය හැට හතක් කිසිම සාක්ෂියක් නැතිව පොලිසිය වගේම ආණ්ඩුව අපිව මර්ධනය කරන්න අදාල මැදිහත් වීම කළා. ඒකට අදාලව අද දවසේ දි නිශ්චිත පොලිස් නිලධාරීන් ප්‍රමාණයකට අදාල පැමිණිල්ලක් අපි පොලිසියට ඉදිරිපත් කළා. ”

අපි බලාගෙන ඉන්නවා දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරිම කොහොමද කියලා. අත්අඩංගුවට ගන්න ඕන දේපල කොල්ල කාපු, සල්ලි ටික හොරා කාපු, තක්කඩි ඔක්කොම නිදහස් කරන්න සියලු දේ නීතිපති දෙපාර්තමේන්තුව කළා. බැසිල් රාජපක්ෂ දිවි නැගුම නඩු වලින් නිදහස් කරන්න සාක්ෂි අයින් කළා. පිල්ලෙයාන් කරුණා අම්මාන්ලා නිදහස් කළා. ”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැන් පොලිසිය පැත්තෙන් ආණ්ඩුව පැත්තේන්, තමන්ව සිරකිරීමට මැදිහත් වුන මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස්ගේ පැත්තෙන් කරන්නේ කුමක් දැයි බලාගෙන සිටින බව වසන්ත මුදලිගේ පැවසුවේය.

Exit mobile version