තව වසර පහකින් විදුලි ගුවන් යානා ඉන්දීය වෙළෙඳපොළේ

Andreas Carlson

තව වසර පහකින් විදුලි ගුවන් යානා වෙළෙඳපොළේ දැකිය හැකි බවත් මේ වන විට ඉන්දියාව හා ස්වීඩනය එක්ව එහි සංවර්ධන කටයුතු සිදු කරගෙන යන බවත් ස්වීඩනයේ යටිතල හා නිවාස අමාත්‍ය ඇන්ඩ්‍රියස් කාර්ල්සන් පවසයි.

ආරම්භයේදී විදුලි ගුවන් යානා කෙටිදුර අන්තර් ගුවන් යානා ලෙස භාවිතයට ගනු ඇති බවත් ආසන්න වශයෙන් මඟීන් 25 දෙනෙකු සමඟ කිලෝමීටර් 800ක පමණ දුරක් ගමන් කිරීමට හැකි වෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. මෙම ගුවන් යානාවලට විදුලිය හා ජීව ඉන්ධන යොදා ගැනීමට නියමිතය.

පසුගියදා ස්වීඩන අමාත්‍යවරයා හා ඉන්දියාවේ රාජ්ය සිවිල් ගුවන් සේවා මධ්යම අමාත්‍ය වීකේ සිංග් හමු වී සාකච්ඡා කළ අතර එහිදී දෙරටේ ගුවන් සේවා අංශය තවදුරටත් දියුණු කිරීම සඳහා අවධානය යොමු කළහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඉන්දියාව යටිතල පහසුකම් හා ගුවන් අංශයට ආයෝජනය කරන්න සැලසුම් සකස් කරමින් සිටින මොහොතක ඒ සඳහා කුඩා ගුවන් යානා අවශ්‍යයි. ඔවුන් ස්වීඩනයේ ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරනවා..” ස්වීඩන අමාත්‍යවරයා පැවසූ බව ‘ලොක්මාට් ටයිම්ස්’ වාර්තා කරයි.

Exit mobile version