තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් දිවයිනට…

කීර්ති ප්‍රනාන්දු –

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් අද අළුයම කටුනායක ගුවන්තොටුපලට රැගෙන ආවේය.

චීනයේ බෙයිජින් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් මෙම එන්නත් තොගය මෙරටට රැගෙන විත් තිබේ.

එසේ එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් රැගෙන එන ලද දෙවන අවස්ථාව මෙය වන බවත් කිලෝ ග්‍රෑම් 16,214ක බරින් යුතු එම එන්තත් ඇසුරුම් 41ක අසුරා තිබූ බවත් ගුවන් තොටුපල ආරංචි මාර්ග කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම එන්නත් තොගය සඳුදා සිට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා බෙදා හැරීමට නියමිතය.

Exit mobile version