තවත් විශිෂ්ටයෙක් සමු ගනී!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ රටේ සිටි තවත් විශිෂ්ට ක්‍රීඩකයෙක් සමු ගත්තේය. ඔහු විශිෂ්ට රගර් ක්‍රීඩකයෙක්, විශේෂඥ විශ්ලේෂකයෙක් මෙන්ම විචාරකයෙක් ලෙස ක්‍රීඩාලෝලීන්ගේ අසීමිත ආදරයට පත් වූ චන්ද්‍රෂාන් පෙරේරාය.

ඔහු රගර් ක්‍රීඩාවට අමතරව අන්තර් සමාජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය. විශිෂ්ට දක්ෂතා දැක් වූ හොකී ක්‍රීඩකයෙක් ද වූයේය.

ඔහු කොළඹ සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් අන්තර් සමාජ මට්ටමේ ප්‍රමුඛ ජයග්‍රහණ රැසක් අත්කර දීමට දායකත්වය ලබා දුන්නේය.

මිය යනවිට චන්ද්‍රශාන් 60 හැවිරිදි වියේ පසු විය.



Exit mobile version