තවත් කොවිඩ් ඩෙල්ටා ආසාදිතයන් තුනක් කොළඹ ඉදිකිරීම් වැඩබිමකින්!  

කොවිඩ් වෛරසයේ ඉතා වේගයෙන් පැතිරන බවට සැලකෙන ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ  තවත් තිදෙනකු කොළඹින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඔවුන් තිදෙනාම කොළඹ ඉදිකිරීම් වැඩබිමක සේවකයන් වන අතර මේ වනවිට කන්දකාඩු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර සඳහා ඔවුන් යොමු කොට තිබේ.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පස් දෙනකු දෙමටගොඩ ප්‍රදේශයේදී සොයා ගැනුණු අතර පසුගියදා  මාදිවෙලින්ද රෝගියකු හමුවිය. ඊයේ  (29) කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයෙන්ද මීට අමතරව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගියකු හඳුනා ගැනිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ  අතර ඩෙල්ටා ප්‍රභේදය රට පුර ව්‍යාප්ත ව ඇතිදැයි සොයා බැලීම සඳහා අනුරාධපුර, පුත්තලම සහ මන්නාර දිස්ත්‍රික්කවලින් අහඹු ලෙස ලබා ගත් ආසාදිත  සාම්පල පරීක්ෂාවට ලක් කළ අතර එහිදී තහවුරු වූයේ එම ලබාගත් සාම්පල අතරින් කිසිදු ඩෙල්ටා වෛරස ප්‍රභේදය දරන්නකු හඳනා ගැනීමට අපහසු වූ බවයි.


Exit mobile version