තවත් කොවිඩ් ආසාදිතයෙක් අද මිය යයි… දැන් මරණ 12යි….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාවෙන් වාරතාවන 12වන කොවිඩ් මරණය අද (23) උදෑසන 6 පමණ වනවිට සිදු වී තිබේ. මෙම මරණය සිදුවූ බවට රජයේ වසංගත රෝග විශේෂඥ සුදත් සමරවීර මීට සුලු වෙලාවකට කලින් තහවුරු කළේය.
මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි කාන්තාවකි. ඇය පසුගිය 20 දා ඉන්දියාවේ සිට පැමිණ ඇත. පිළිකා රෝගයකින් පෙළෙමින් සිටි ඇයට කොවිඩ් 19 වැළඳී ඇති බව තහවුරු වූ පසු කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.
මියගොස් ඇත්තේ අයි.ඩි.එච්. රෝහලේ ප්‍රතිකාර ගනිිමින් සිටිය දීය.

Exit mobile version