තවත් කුඩු තොගයක් අද උදේ අල්ලයි

මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ගෙනවිත් බෙදා හැරීමට සූදානම් කෙරෙමින් තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් කිහිප දෙනකු නාවික හමුදාව හා පොලිසිය එක්ව කළ  විශේෂ  මෙහෙයමුකදී අත්අඩංගුවට ගැනීමට අද පෙරවරුවේ සමත් වී ඇත.

නාවික හමුදාවට ලද විශේෂ තොරතුරු අනුව නාවික හමුදා කණ්ඩායමක්,  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ මීගමුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන ලද මෙම මෙහෙයුමේදී කිලෝ 150ක පමණ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර හෂීස් මත්ද්‍රව්‍යය සහ මෙතෙක් හදුනා නොගත් මත්ද්‍රව්‍යයක් පවතින බව ආරංචි මාර්ග හෙළි කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුහුදු මාර්ග ඔස්සේ ගෙන්වා ඇති මෙම මත්ද්‍රව්‍ය තොගය බෙදා හැරීමට සූදානම් කර තිබියදී ලද තොරතුරක් මත මෙම වැටීම සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවෙමින් පවතින බව ආරංචි මාර්ග හෙළි කරයි.


Exit mobile version