තවත් කැස්බෑ මළ සිරුරු හයක් මන්නාරම වෙරළට ගොඩ ගහලා…

TURTLES 0001

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මන්නාරම වෙරළ තීරයට මියගිය කැස්බෑවන් හය දෙනෙකුගේ මළ සිරුරු ගොඩ ගසා තිබියදී එවා නාවික හමුදාව විසින් සොයාගෙන වන ජීවී නිලධාරීන් වෙත ඊයේ (18) බාර දී තිබේ.

නාවික හමුදාව විසින් බාර දෙන ලද මියගිය කැස්බෑවන් හය දෙනාගේ මළ සිරුරු උතුරු පළාත් සහකාර වන ජීවී අධ්‍යක්ෂ පී.ගිරිදරන් මහතා විසින් බාර ගෙන මෙම කැස්බැවන් මිය යාමට හේතුව සෙවීම සදහා මූලික පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ මියගිය කැස්බෑවන්ගේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙතද යැවීමට පියවර ගත් බවයි.

Exit mobile version