තවත් ආසාදිතයන් 50කට අධික සංඛ්‍යාවක් කන්දකාඩුවෙන් වාර්තා වෙයි…

සෞඛ්‍යය සේවකයින් , උපදේශන සේවකයින් හා හමුදා නිලධාරීන් ඒ අතර... ජීඑම්ඕඒ කියයි...

ශ්‍රියානි විජේසිංහ –                      

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් එවන ලද තවත් සාම්පල පනහකට අධික සංඛ්‍යාවක් ගාල්ල කරාපිටිය රෝහලේ දී පීසිආර් පරික්ෂාවට ලක් කළ අතර එය  කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විනැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය  හරිත අලුත්ගේ මහතා සදහන් කලේය.

මේ අනුව අද ( 10) දහවල්වන විට  කොවිඩ් යැයි පුද්ගලයින් 192ක් හදුනාගෙන තිබුණ බවද පැවසේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල පීසීආර් පරික්ෂණ  500ක්පමණ අද පරික්ෂාවට ලක් කරන බවද ඒ අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව පුනරුත්ථාපන වන තරුණයින් , සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් , උපදේශන සේවා කණ්ඩායම්  හා හමුදා නිලධාරීන් අයත්වේ. 


 

Exit mobile version