තවත් අයිස් කිලෝ සීයක් සපුගස්කන්දේ දී අත් අඩංගුවට…

ඊයේ (12) රාත්‍රියේ ජා ඇල නිවන්දම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13 පිළිබඳව වැඩිදුර විමර්ශන කරගෙන යන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද (12) දහවල් කැලණිය සපුගස්කන්ද ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ අයිස් කිලෝ ග්‍රෑම් 100ක් අත්අඩංගුවට ගත්තේය. මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් පස් දෙනකුද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

ඊයේ ජා ඇල නිවන්දමින් අයිස් තොගය අත්අඩංගුවට ගන්නේ එම මත්ද්‍රව්‍යයේ ග්‍රෑම් 100ක් ලඟ තබාගෙන අසුවූ පුද්ගලයෙක් සම්බන්ධව කරන විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.

ඒ අනුව ඊයේ නිවන්දම නිවස වටලා අයිස් කිලෝ ග්‍රෑම් 13 අත්අඩංගුවට ගනු ලැබුවේය. ඒ සම්බන්ධව කරන විමර්ශනවලදී හෙළි වූයේ මේ මත්ද්‍රව්‍ය සමගම තිබූ තවත් අයිස් තොගයක් අදාල වැටලීම කිරීමට පැය කීපයකට පෙර එම ස්ථානයෙන් රැගෙන ගොස් තිබූ බවය.


ඒ තොරතුර ඔස්සේ කළ විමර්ශනයේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හැකි විය.

දැනට විමර්ශකයන්ට ලැබෙන තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය කලක් කොළඹ නාගරික මන්ත්‍රීවරයක්ව සිට දැන් එංගලන්තයේ පදිංචිව සිටිනා කුඩු ලාල් නැමැත්තාගේ බව විශ්වාස කෙරේ. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරු රටේ දේශාපලන බලය හසුරුවන දෙපාර්ශවයම සමග සමීප සම්බන්ධතා ඇත්තෙක් බව පැවසේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

Exit mobile version