තලෙයිමන්නාරම දුම්රිය – බස් අනතුරේ හේතුව හෙළි වේ…

පුද්ගලයෙක් මරුට... 25කට තුවාල...

දිනසේන රතුගමගේ –

තලෙයිමන්නාරමේදී බස් රථයක් දුම්රියේ ගැටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ  දුම්රිය ධාවනය වෙමින් තිබූ අවස්ථාවේදී  අනතුර වූ ස්ථානයේ ගේට්ටුව වසා නොතිබීම බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

තලෙයිමන්නාරම පොලීසිය විසින් බස් රථයේ රියදුරු හා කොන්දොස්තර අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළි වී ඇති අතර එම දිනයේදී සේවයට නියමිත ගේට්ටුකරු  අනතුර සිදු වූ දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුවේ රාජකාරී සදහා පැමිණ නොසිටි බවද වාර්තා වේ.

බස් රථයේ රියදුරා පොලීසියට පවසා ඇත්තේ තමන්ට දුම්රියක ශබ්දයක් නොඇසුණු බවත් ගේට්ටුව වසා නොමැතිව තිබූ නිසා බස් රථය ඉදිරියට ධාවනය කරවන විට දුම් රියක් පැමිණෙනු දුටු බවයි. වහාම බස් රථයේ වේගය වැඩි කොට බස් රථය ඉදිරියට ධාවනය කරණු ලැබූවත් බස් රථයේ පසුපස කොටස දුම් රියේ ගැටුණු බව රියදුරා පොලීසියට පවසා තිබේ.


සාමාන්‍යයෙන් තමන් මේ මාර්ගයේ නිතරම ගමන් කරණ බවත් වෙනදාට මේ සිද්ධිය වූ වේලාවට දුම් රියක් ගමන් නොකරණ බවත් දුම් රිය රියදුරා පොලීසියට පවසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුරෙන් එක් අයෙකු මියගොස් තවත් 25 දෙනෙකු සුළු හා බරපතල තුවාල ලබා තිබීම නිසා අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම අනතුරක් වළක්වා නොගැනීම යන කාරණා ඔස්සේ රියදුරුව මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට  තලෙයිමන්නාරම පොලීසිය පියවර ගෙන තිබේ.

Exit mobile version