දිනසේන රතුගමගේ –
තලිබාන්වරුන්ගේ ආක්‍රමණය ලෝකයේ සියලුම සුලු ජාතීන්ගේ අරගලයන් පිළිබඳව විශාල පාඩමක් උගන්වන බැවින් ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ගේ අරගලය පිළිබදවද සෑම අයෙකුම අවධානය යොමු කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් ඊයේ (18 ) දා පැවසීය.
උතුරේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කතා කළ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පැවසුවේ සුළු ජන කොටස් වල අරගලයන් කුමන හෝ අවස්ථාවක පුපුරා යාමට ඇති ඉඩකඩ වැඩි බවයි.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අරගලයද ඉතාම සාධාරණ හා අයිතිවාසිකම් වෙනුවෙන් කරගෙන යන අරගලයක් බව පවසන ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මේ ප්‍රශ්නයේදීද දෙමළ ජනතාව මර්දනය කිරීමට පියවර ගැනීම ඇතැම් විට ඉතා භයානක ප්‍රතිපල ඉදිරියේදී ඇති වීමකට අතවැනීමක් බවද පැවසීය.
මේ වන විට දෙමළ ජනතාවගේ ප්‍රශ්න රාශියක් එකතු වී ඇති බව කී ශ්‍රීධරන් මන්ත්‍රීවරයා උතුරේ ඉඩම් ප්රශ්නය දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යුද සමයේදී අතුරුදහන් වූවන් ගේ ප්රශ්නය හා උතුරු නැගෙනහිර පළාත් වලට දේශපාලන විසදුමක් ලබාදීම වැනි කාරණා වලට යම් විසදුමක් සෙවීමට පාලකයින් උත්සහ කළ යුතු බවද පැවසීය.